24 C
Colombo
Sunday, December 10, 2023

බස්නාහිර සිසුන්ගේ පැමිණීම 40%යි – ලංකා ගුරු සංගමය

- Advertisement -

බස්නාහිර පළාතේ පාසල්වල සාමාන්‍ය පෙළ පංති ආරම්භ කළ අද(25) දිනයේ සිසුන්ගේ පැමිණීම සියයට 40කට වඩා අඩු යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ‘නිව්ස් 19’ ට පැවැසීය.

කොළඹ රාජකීය, ආනන්ද ආදී ජනප්‍රිය පාසල්වල මෙම පැමිණීම අතිශය පහළ අගයක් ගන්නේ යැයි ද ස්ටාලින් මහතා කීවේය.
මෙසේ පාසල් සිසුන්ගේ පැමිණීම අඩුවීමට ප්‍රධාන හේතුව සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් මවුපියන්ට විශ්වාසයක් නොවීම යැයි ස්ටාලින් මහතා කීය.
ජනවාරි 11 වැනිදා පාසල් ආරම්භ කිරීමෙන් පසුව මේ වනවිට පාසල් සිසුන් 20 දෙනකුට පමණ කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි කී හෙතෙම මේ නිසා මවුපියන් සිය දරුවන් පාසල් යැවීමට බියෙන් පසුවන්නේ යැයි ද පැවැසීය.

ප්‍රමිතියෙන් යුත් මුඛ ආවරණ පාසල් දරුවන්ට ලබා දී අඛණ්ඩව පාසල් ධූමායනය කරන්නැයි ගුරු සංගම් අධ්‍යාපන බලධාරින්ගෙන් ඉල්ලා සිටියේ මෙම තත්ත්වය උද්ගත වන නිසා යැයි ද ස්ටාලින් මහතා සඳහන් කළේය.

ආණ්ඩුව එම එල්ලීම් නොසලකා හැරියහොත් ඉදිරියේ දී තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇතැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...