27.9 C
Colombo
Saturday, April 27, 2024

නිරූපමාට විවාහයෙන් ලැබුන දේවල්වලට මොනවා කරන්නද – නාමල් (වීඩියෝ)

- Advertisement -

නිරූපමා රාජපක්ෂ සිය සහෝදරියක වුවත් ඥාතිකම සහ දේශපාලන යනු දෙකක් බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

පසුගියදා මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ඇය තමන්ගේ සහෝදරියක් වුවත් දේශපාලන වශයෙන් ඇය පසුගිය රජයේ සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග බව‍යි.

එමෙන්ම, එම චෝදනා එල්ල වී තිබෙන්නේ 1990 සහ 1998 කාලය තුළ රණසිංහ ප්‍රේමදාස මහතාගේ සහ චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියගේ පාලන කාලය තුල සිදු වූ ගණුදෙනු සම්බන්ධයෙන් වන නමුත් රාජපක්ෂවරුන්ට ඇඟිල්ල දිගු කිරීමට නම් 2005න් පසු සිදු වූ ගණුදෙනු ගැන සඳහන් විය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

” ඒ පිළිබඳව මම හිතන්නේ ඒ අයත් උත්තර දෙන්න ඕනෙ. ඔබතුමා ඒ අයගෙනුත් ඇහුවොත් හොඳයි” යැයි අමාත්‍යවරයා ප්‍රශ්නය නැගූ මාධ්‍යවේදියාට පවසා සිටියා.

තවද හිටපු ඇමති නිරූපමා රාජපක්ෂ මහත්මිය ගේ විවාහය සිදුව ඇත්තේ තිරුකුමාර් නඩේෂන් සමඟ නිසා විවාහයෙන් ලැබෙන දේවල් වලට කරන්නට දෙයක් නොමැති බවත් ඔහු පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...