ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා සෞඛ්‍ය අංශ අතර ඊයේ (10) පැවති සාකච්ඡාව පිළිබදව නිවේදනය කරමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා කල ප්‍රකාශයක් මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයට පත්ව තිබෙනවා.
එනම් සයිනෝෆාම් එන්නත හදිසි භාවිතය අනුමත කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එම සංවිධානය අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව බවයි ඔහු එම නිවේදනයෙන් සඳහන් කර තිබුනේ.
කෙසේ වෙතත් අදාළ නිවේදනයේ එන කාරණාව සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සිදුකල විමසීමේදී එම සංවිධානය අදාළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඊට පිළිතුරු දෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තුගත කිරීම (EUL) සාමාන්‍යයෙන් නිම කිරීමට මාස දෙක තුනක කාලයක් ගත වන බවයි.
ඒ සඳහා වන සාධක සහ පූර්ව සුදුසුකම් ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ බවත් එම ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් ගතවන බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.
කිංස්ලි රත්නායක මහතා නිකුත් කල නිවේදනය පහතින්,
