28 C
Colombo
Sunday, May 5, 2024

රිළවුන් චීනයට පටවන්නේ ඇයි?

- Advertisement -

ශ්‍රී ලංකාවේ ඉහළයන රිළා ගහනයට විසඳුමක් ලබාදෙමින් මෙරට රිළවුන්ට චීනයෙන් ඉහළ ඉල්ලුමක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගියදා පැවසුවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ පළමු අදියර යටතේ ශ්‍රී ලංකාවේ රිළවුන් 100,000ක් චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා ලබාදෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක්වුණා.
මෙම සාකච්ඡාව අනුව මෙරට රිළවුන් විදේශ රටක් සඳහා ලබාදීමේ දී පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධව කරුණු අධ්‍යයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

දැනට අප රටේ රිළවුන් ගහනය ලක්ෂ 30කට ආසන්න බව අනාවරණය වී තිබෙනවා. මෙරට වගා හානි සිදු කරන සතුන් අතර ප්‍රමුඛතමයා වන්නේ ද රිළවායි. රිළවුන්ගෙන් සිදුවන වැඩිම හානිය වාර්තා වන්නේ වයඹ පළාතෙන්. රිළා ගහනය අවම කරගැනීම සඳහා රජය විසින් මෙතෙක් ගත් සියලු උත්සාහයන් ව්‍යවර්ථ වී ඇති පසුබිමක චීනයෙන් මෙම ඉල්ලීම කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ පවසනවා. රිලවුන් නිසා වගා හානියට ලක්වූවන් වෙනුවෙන් මෙය ඉතා හොඳ පියවරක් ලෙස ඇතමුන් මෙය දැනටමත් පෙන්වාදී තිබෙන අතර ඒ පිලිබඳව විරෝධය සහ කනස්සල්ල අනෙක් පසින් මතුවී තිබේ. ඒ නිසා මෙය ශ්‍රී ලංකාවට ආවේනික රිලවන්ට කෙසේ බලපානු ඇද්ද මෙන්ම මෙහි නීතිමය තත්වයත්,එමෙන්ම මෙහි ප්‍රතිවිපාකයන් කවරේද යන්න මෙන්ම වෙනත් අදාල කරුනුත් විමසා බැලිය යුතුය.

පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ මේ සම්බන්ධයෙන් පැහැදිලි විස්තර බලධාරීන් ලබා ගත යුතු බවයි.

“යම්කිසි සත්ත්වයෙක් යවන්න පුළුවන් සංරක්ෂක කටයුත්තක් සඳහා හෝ සත්ත්වෝද්‍යානයක් වෙනුවෙන් කරන හුවමාරුවක් සඳහා පමණයි. ඒ නිසා මාංශ සඳහා භාවිත කිරීම හෝ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යම්කිසි සත්ත්ව කොටසක් ලංකාවෙන් අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධි කටයුත්තක්. චීනය ලංකාවේ රිළවුන්ව ඉල්ලනවා නම් කුමක් සඳහා කොපමණ සංඛ්‍යාවක් ද ඉල්ලන්නේ කියලා පැහැදිලි විස්තරයක් අපේ බලධාරීන් සතුව තිබෙන්න ඕනේ.

මෙරට සිටින රිළවා ශ්‍රී ලංකාවට ආවේනික වනවා. ශ්‍රී ලංකාවට ආවේනික රිලවාගේ උප-විශේෂ ගණන 2 සිට 6 දක්වා බව විවිධ මූලාශ්‍රයන් දක්වා තිබුණද, 2012දී එලි දක්වන ලද “Sri Lankan Primates”ග්‍රන්ථයේ තිබෙන්නේ 1979දී ජේ.ෆුඩන් (J.Fooden) විසින් “Primates”නම් විද්‍යාත්මක වාර ප්‍රකාශනයේ පලකර තිබූ පර්‍යේෂණ වාර්තාව අනුව උප-විශේෂ දෙකකින් සමන්විත වන බවයි.

එම උප විශේෂ 2 වන්නේ,ප්‍රධාන වශයෙන් වියලි කලාපයේ හමුවන Macaca sinica sinica නම් දර්ශීය උප-විශේෂය සහ තෙත් කලාපයේ මෙන්ම කඳුකරයේ ඇතැම් ප්‍රදේශ වලත් හමුවන Macaca sinica aurifrons නම් උප-විශේෂයයි.
මින් වැඩිම ව්‍යාප්තියක් සහ ඉහළ ගහන ඝනත්වයකින් යුතු වන්නේද,වගාවන්ට වැඩිම හානියක් කරන්නේද දර්ශීය Macaca sinica sinica උප-විශේෂය බව පෙනී යනවා.

එසේ වුවද මෙරට හමුවන රිලවාගේ උප-විශේෂ පිලිබඳ සහ සතුන්ගේ ව්‍යාප්තිය පිලිබඳවත් තවත් බොහෝදේ සොයා බැලිය යුතුයි. නිදසුනක් ලෙස ඉහල කඳුකරයෙන් හමුවන රිලවුන් පෙන්වාදිය හැකියි. මේ නිසා රිලවුන් විශාල ලෙස අපනයනයක් කරන්නට සිතන්නේ නම්,ඔවුන් ලබා ගන්නේ කිනම් ප්‍රදේශ වලින්,කොපමන ප්‍රමාන වලින් විය යුතුද යන්න මෙන්ම,මොවුන් ඉවත් කිරීම නිසා තුඩුදිය හැකි වෙනත් තත්වයන් කවරේද යන්නත් සොයා බැලිය යුතු බව පරිසරවේදීන් අවධාරණය කරනවා.
විශේෂයෙන් Troops නැතිනම් කාණ්ඩ විදිහට ඉන්න සත්තු වන බැවින් රිලව් ලක්ෂයක් වෙන් කිරීමේ බලපෑම් නොතිබෙනු ඇතැයි කිසිසේත් උපකල්පනය කළ නොහැකියි.
නමුත්,මෙවන් කිසිම ආකාරයක කිසිඳු අධ්‍යයනයන් මෙතෙක් සිදුකර නැහැ.

රිලවා වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 30 වන වගන්තිය යටතේ තිබෙන පලමු උප ලේඛනයට ඇතුලත් හෙවත් ආරක්ශිත නොවන ක්ෂීරපායී සත්වයෙක්.
මේ නිසා වගා හානි කරන රිලවුන් මරනයට පත් කිරීම වුවත් නීත්‍යානුකූලයි.
නමුත් වගා හානි කරන රිලවුන් සම්බන්ධයෙන් මෙම නිතිමය තත්වයේ වාසිය හානියට ලක්වන ප්‍රදේශවලදී නොගන්නේ මක් නිසාද යන්නත් සොයා බැලීමට අවශ්‍ය තවත් කරුනක්.
රිලවා අනාරක්ශිත තත්වයේ සිටියද රිලවුන් අපනයනය කිරීම සිදු කල හැක්කේ වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 40 වන වගන්තිය යටතේ ලබා ගන්නා බලපත්‍රයක් යටතේ පමණයි.
මෙම වගන්තියට අනුව මෙරට සතුන් අපනයනය කල හැක්කේ විද්‍යාත්මක සහ සංරක්ෂණ කටයුතු සඳහා සහ විදේශීය සත්වෝද්‍යාන සහ කෞතුකාගාර සමඟ සතුන් හුවමාරු කිරීම් වෙනුවෙන් පමණයි.
ඒ අනුව චීනයේ හෝ වෙනත් රටක සත්වෝද්‍යාන හෝ කෞතුකාගාර විසින් මෙවන් පරමාර්ථයක් උදෙසා කරන ඉල්ලීමක් මත නීත්‍යානුකූලව රිලවුන් අපනයනය කිරීමේ කිසිදු නීතිමය බාධාවක් නැහැ.
එසේම ජපානය ඇතුලු රටවල් ගනනාවක සත්වෝද්‍යානයන්හි පරම්පරා ගනනාවක් තිස්සේ බෝවන රිලා ගහනයන් තිබෙනවා.
එසේ වුවත්,චීනය මේ මොහොතේ රිලවුන් ලක්ශයක් ඉල්ලා සිටින්නේ නම් ඒ කුමන පරමාර්ථ උදෙසාද යන්නෙ විශේශයෙන් විමසා බැලිය යුතුයි.

මේ සම්බන්ධයෙන් පරිසරවේදී සුපුන් ජයවීර ද අදහස් පළ කර තිබුණා.
“ලෝකයේ ඖෂධ නිශ්පාදන ක්‍රියාවලි සහ ඒවායේ සායනික පර්යේෂණ පිළිවෙත්වල වැදගත්ම පියවරක් තමයි මනුෂ්‍ය නොවන ප්‍රිමාටා පර්යේෂණ පියවර (Non human primate research). වර්තමානයේදි ඖෂධ නිශ්පාදන ක්‍රියාවලියත්, පර්යේෂණ හා බැඳී තියෙන ඉල්ලුමට වඳුරන් සැපයීම කියන්නෙ විශාල ආර්ථික වටිනාකමක් පවතින ව්‍යාපාරයක්. මේ ඉල්ලුමේ ඉහලින්ම සිටින ප්‍රිමාටා විශේෂ දෙකක් තමයි රීසස් වඳුරා ( Macaca mulatta) සහ කකුලුවන් කන වඳුරා (Macaca fascicularis). දැන් මේ විශේෂ දෙකටම වඳුරා කිව්වට හරියටම ගත්තොත් මේ ඉන්නෙ රිලව් විශේෂ. ලංකාවේ ඉන්න රිලවාත් මැකැකා ගනයේ, Macaca sinica. මේ ඖෂධ/පර්යේෂණ ඉන්ඩස්ට්‍රි එකට වඳුරන් සප්ලයි කරන මාර්කට් එකේ ඉහලින්ම ඉන්න විශාලතම සැපයුම්කරුවා තමයි චීනය. වාර්ෂිකව එක්සත් ජනපදයේ විද්‍යාගාර අවශ්‍යතා සඳහා පවතින ඉල්ලුමෙන් 80% පමණ සංතෘප්ත කරන්නෙ චීනය. ඩොලර් 7000 වගේ මාර්කට් ප්‍රයිස් එකට යන රිලවු අපි වගේ හිඟන රටකින් ගන්න එක ජීනියස් වැඩක්. කරදරයක් කියලා දඟලන අපිට උදව්වක් කරන න්‍යායෙන් සත්වෝද්‍යානවලට අපි ගන්නන් කියන එක ඊටත් වඩා ජීනියස් වැඩක්.”
එසේ නම් රිලවු ලක්ෂයක් හදිසියේ චීනය ඉල්ලා සිටින්නේ ඇයි ද යන්න විමතියක් නොවන බව පැහැදිලියි.
චීනය ලංකාවේ රිළවුන්ව ඉල්ලන්නේ කුමක් සඳහා යන්න පිළිබඳ පැහැදිලි විස්තරයක් අපේ බලධාරීන් සතුව තිබිය යුතුයැයි පරිසරවේදීන් අවධාරණය කරන්නේ එබැවිනි.

RECENT ARTICLES - SINHALA

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...