32 C
Colombo
Monday, April 29, 2024

නන්දලාල්ට බනින්නෙ නැත්තෙ ඇයි? – කබ්රාල් අසයි

- Advertisement -

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම ආර්ථික අර්බුදයට හේතුවූ කරුණක් වූ බවට චෝදනා එල්ල වූව ද, වත්මන් මහ බැංකු අධිපතිවරයා යටතේ ඉකුත් මාස 06 ක කාලයක් පුරාවටම සිදුව ඇත්තේ ද රුපියල ස්ථාවරව තබා ගැනීමක් වන අතර, ඒ තම ධුරකාලය යටතේ ස්ථාවරව පවත්වා ගත් මිලටත් වඩා ඉහළ මිලක බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් පවසනවා.

හිටපු මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ ඉකුත් නොවැම්බර් 17 වන දින ඉන්දියාවේ WION පුවත් සේවය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්.

තම ධුරකාලය තුළ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව රු. 300 ට අවම මට්ටමක පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය වීම සිදුවූයේ තමාට පෙර මහ බැංකු අධිපතිධුරය හෙබවූ මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ගේ ධුරකාලය තුළ බවත්, 2021 සැප්තැම්බර්වල මහ බැංකුව විසින් ගත් මෙම තීන්දුව තම ධුරකාලය තුළ 2022 මාර්තු දක්වා පවත්වා ගත් බවත් සඳහන් කළ කබ්රාල්, රුපියල ස්ථාවර අගයක පවත්වා නොගෙන පා කර හැරිය යුතු බවට යෝජනා කළ ඇතැම් පාර්ශවයන් එසේ කළේ නම් ඉහළ යන ණය කන්දරාවේ වගකීම භාරගැනීමට ඉදිරියට පැමිණෙන්නේ ද යන්න ප්‍රශ්න කර සිටියා.

එමෙන්ම, තම ධුර කාලය තුළ ගත් සියලු තීරණ මුදල් මණ්ඩලයේ අනුමැතිය මත ගනු ලැබූ තීරණ බවට සිහිපත් කළ හිටපු මහ බැංකු අධිපතිවරයා, රුපියල ස්ථාවරව පවත්වා ගැනීම සම්බන්ධයෙන් තමාට චෝදනා එල්ලකළ පාර්ශවයන් වත්මන් මහ බැංකු අධිපතිවරයා ද එම ක්‍රියාවම ඊටත් වඩා වැඩි මිලකට සිදුකරන විට චෝදනා එල්ල නොකරන බව ද ඔහු අවධාරණය කරනවා.

රුපියල පා කර හැරීමෙන් ආයෝජන අවස්ථා නොපැමිණෙන බව කල් තියා හඳුනා ගැනීම මත එසේ නොකළ අතර, රුපියල පා කර හැරීමෙන් පසුව ද එකඳු ආයෝජනයක් හෝ පැමිණ තිබෙන්නේ දැයි කබ්රාල් ප්‍රශ්න කර සිටිනවා.

2022 මාර්තු වලින් පසු රුපියලේ ස්ථාවරභාවය නිදහස් කර දැමීමට මහ බැංකුව ප්‍රතිපත්ති වෙනස්කළ බව සිහිපත් කරන හිටපු අධිපතිවරයා, තමා එම ධුරයෙන් ඉවත්ව යන විට ද රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව රු. 300 ට ඉතාම ආසන්නව තිබූ බවත් ඔහු සිහිපත් කරනවා.

වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යටතේ ගතවූ මාස 06 ක කාලය තුළ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව තබා ගෙන ඇති බවත්, එහෙත් එය තම ධුරකාලය තුළ පවත්වා ගත් මිලට වඩා විශාල අගයක් (රු. 371) වී ඇති බවත් සිහිපත් කළ කබ්රාල් මහතා, රුපියල ස්ථාවර කිරීමේ ප්‍රතිපත්තිය ම වත්මන් මහ බැංකු පරිපාලනය විසින් අනුගමනය කරන්නේ නම් මෙතරම් ඉහළ මිලක පිහිටා එය සිදුකරන්නේ ඇයි ද යන්න ප්‍රශ්න කර සිටිනවා.

එමෙන්ම, තමා රුපියල ස්ථාවරව පවත්වා ගැනීමට අදාළව බරපතල විවේචනයන් ඉදිරිපත් කළ පුද්ගලයන් වත්මන් මහ බැංකු අධිපතිවරයා ද එම ප්‍රතිපත්තියම පවත්වා ගන්නා විට ඔහුට විවේචනයන් ඉදිරිපත් නොකරන බව ද හෙතෙම සිහිපත් කරනවා.

ඒ අනුව, තම ධුරකාලය තුළ ගත් තීරණවල වටිනාකම ජනතාව අවබෝධකර ගත යුතු බවත්, රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට තමා කැපවූ බවත් කබ්රාල් යෝජනා කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...