28.2 C
Colombo
Saturday, April 27, 2024

ඇමෙරිකාව ප්‍රජාතන්ත්‍රවාදීන්ව කලකිරවයිද? – දේශපාලන විද්‍යාත්මක කියැවීමක්

- Advertisement -

ලිබරල් වාදී ප්‍රජාතන්ත්‍රික දේශපාලන ආකෘතිය තුළ පාලකයා යනු ජනතා වරණයේ ප්‍රතිඵලයකි. එනිසාම එමඟින් ඔසවා තැබෙනුයේ ‘ජනතාවට පරමාධිපත්‍යය ඇත(Public Sovereignty)’ යන දේශපාලන වටිනාකමයි. ශ්‍රී ලංකා වාසී අපට  මෙහි අර්ථාන්විත වටිනාකම ප්‍රායෝගිකව අවබෝධ නොවනුයේ පාලකයා යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිඵලයකට වඩා වැඩි යමක් වන බැවිනි . ප්‍රජාතන්ත්‍රවාදය තුළ  ඇති මූලධාර්මික වටිනාකම් පසෙක තබා පාලකයාව තක්සේරු කිරීමට අප උනන්දු වනුයේ ද එනිසාය.

පසුගිය දෙදින ( ජනවාරි 6 සහ 7) තුළ ඇමරිකානු දේශපාලන ක්‍රමය තුළින් ප්‍රකට වූ දේශපාලන සිදුවීම් එහි තිබූ ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් සෙලවූවාද?

ඇමරිකාවේ පැවති අවසාන ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන්(Republican) පාක්ෂික ඩොනල් ට්‍රම්ප්(Donald Trump) හා  ඩිමොක්‍රටික්(Democratic) පාක්ෂික ජෝ  බයිඩ්න්(Joe Biden)  ඉදිරිපත් විය.එහිදී ක්‍රියාත්මක වූ දිගු මැතිවරණ ක්‍රියාවලිය අවසාන වනුයේ මැතිවරණ ජයග්‍රහකයා ජෝ  බයිඩ්න්(Joe Biden) බව තීරණය කරමිනි.

ඇමරිකානු ප්‍රාන්ත කිහිපයක ප්‍රකාශිත ප්‍රතිඵල නොපිටට(to turn over) හැරවීම සඳහා රිපබ්ලිකන් පාක්ෂිකයන් උත්සාහ ගත්තද ඒ සඳහා ප්‍රමාණවත් සහයෝගයක් නොලැබුණු බව(lack of support ) ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ තත්ත්වය යටතේ ඇමෙරිකානු සෙනට් සභාව ජයග්‍රහයකයාගේ ප්‍රතිඵල සහතික කිරීම සඳහා රැස්ව සිටින මොහොතේ  එක්සත් ජනපද කැපිටල්(The US-Capitol) ගොඩනැගිල්ල ඉලක්ක කරමින් ට්‍රම්ප් හිතවාදීන්ගේ ප්‍රහාරයක් එල්ල වේ.

ඇමරිකානු ඉතිහාසය තුළ එහි පුරවැසියන් විසින්ම කොන්ග්‍රස් ගොඩනැගිල්ල ආක්‍රමණය කරන ලද ප්‍රථම අවස්ථාව ලෙස මෙම අවස්ථාව හැඳින්වීමට ජාත්‍යන්තර මාධ්‍ය කටයුතු කර තිබුණි.

මෙම කලහකාරී පිරිස මෙසේ ක්‍රියාත්මක වූයේ දැනට ධුරයේ සිටින ජනාධිපති මෙන්ම  පැවති ජනාධිපතිවරනයේ පරාජිත අපේක්ෂකයා වන ට්‍රම්ප්ගේ (Trump’s) ගේ පෙළඹවීම නිසා බව එරට දේශපාලකයන්ගේ හා විචාරකයන්ගේ අදහසයි.

ඇමරිකානු කොන්ග්‍රස් ගොඩනැගිල්ල තුළදීම පොලිස් වෙඩි පහරින් කාන්තාවක් ද හදිසි ප්‍රතිකාර වලදී තවත් දෙදෙනෙකුද මියගිය බව ජනවාරි 7 සන්ධ්‍යාව වන විට එරට මාධ්‍ය වාර්තා කළ අතර ‘ට්‍රම්ප් පොළඹවන ලද හිංසා කාරි කැරැල්ලේ(Trump over inciting violence) පීඩනය හේතුකොට පොලිස් නිළධාරියෙකුද මිය ගොස් ඇති බව ජනවාරි 8 වනදා පස්වරුව වන විට BBC US-Canada පුවත් සේවය තහවුරු කළේය.

ප්‍රජාතන්තත්‍රවාදයේ රැස්වීමක් මරණයේ සැඳෑවක් බවට මෙම කැරලි කරුවන් විසින් පත් කිරීම ලොකයේ බොහෝ මාධ්‍ය ආයතන පිළිකුල් සහගතව වාර්තා කර තිබුණි.

මේ මුරණ්ඩු පාලකයාගේ පාක්ෂික උසිගැන්වීම් නතර කිරීමට ඔහුගේ twitter හා facebook  ගිණුම්ද තාවකාලිකව අවහිර කෙරුණි. ඔහු පළකළ ප්‍රකාශන ඉවත් නොකරනවා නම් ඔහුගේ සමාජ ජාලා ගිණුම් අවලංගු කිරීමට තමන්ට සිදුවන බව එම සමාගම් ප්‍රකාශ කළ බවත් වාර්තා වේ.

කලහකාරී සිදුවීම්වලින් අනතුරුව සංචරණ සීමාද සහිතව සමාන්‍ය වාතාවරණයක් නිර්මාණය කරගැනීමට ආරක්ෂක අංශවලට හැකි වූ අතර යළි රැස්වූ කොංග්‍රසය නව තෝරාගත් ජනාධිපතිවරයා වනුයේ ජෝ බයිඩ්න් බව සහතික කරන ලදි.

මේ සිදුවීම් දාමයට පසුව සිදු කළ හැකි නිරීක්ෂණයන් කිහිපයකි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උප ජනාධිපති මයික් පෙන්ස්(Mike Pence) විසින් සිදුවීම හෙළා දුටු අතර බැරක් ඔබාමා(Barak Obama),ජෝජ් බුෂ්(Joj Bush),බිල් ක්ලින්ටන්(Bill Clinton) යන හිටපු ජනාධිපතිවරුන්ද මෙම ක්‍රියාවේ වගකීම ට්‍රම්ප් කෙරෙහි බර තබමින් ප්‍රකාශ නිකුත් කළෝය.

ජනවාරි 8 දින ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පාක්ෂික දෙපාර්ශවයම නියෝජනය කරමින් කොන්ග්‍රස් සභිකයන් මෙම සිදුවීම පිළිකුළෙන් යුතුව හෙළා දුටු අතර කථානායක නැන්සි පෙලොසි(Nancy Pelosi) විසින් 25වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරමින් ධූරය සඳහා ජනාධිපතිවරයාගේ නුසුදු බව ප්‍රකාශ කරන මෙන් උප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියාය.

මේ සියල්ල අවසානයේ මාධ්‍ය ඇමතූ Trump තම දෑත්සෝදා ගැනීමට කටයුතු කර ඇත.මෙම කැරලිකාර ක්‍රියා සඳහා සම්බන්ධ වූ කිසිවෙක් තම රට නියෝජනය නොකරන බවත් නීතිය උල්ලංඝනය කළවුන් ඒ සඳහා ගෙවීම් කළ යුතුබවත් ඔහු කියා තිබේ.තමා ක්‍රමානුකූල බලය පැවරීමකට සූදානම් බවත් කුපිත වූවන් සන්සුන්ව ඇමරිකාව පිළිබඳව සිතීමට කටයුතු කළයුතු බවත් ඔහු කියනුයේ තමා වෙත එල්ල වෙන කිසිදු චෝදනාවක් පිළිබඳව සඳහන් නොකරමිනි.

මෙහිදී අප සලකා බැලිය යුතු අනෙක් කරුණ වනුයේ ඇමරිකානු අභිනව ජනාධිපතිවරයා ජෝ බයිඩ්න් විසින් මතු කරන ගැටළුවයි.ඔහු ප්‍රකාශ කළේ මේ කලහාකාරී පිරිස The Capitol ගොඩනැගිල්ලට කඩා වැදුණු මැරයන් නොවී Black Lives Matter (කලු ජාතිකයන්ට එරෙහිව පොළීසිය දක්වන කෲර හිංසනයට එරෙහිවීමට මෙම ව්‍යාපාරය බිහි විය) ව්‍යාපරයේ විරෝධතාකරුවන් වුණා නම් ඔවුන්ට සලකන ආකාරය මෙසේ නොවන්නට තිබුණු බවයි.

ඒ අනුව ආරක්ෂක අංශවල වර්ගවාදී නැඹුරු කම් ප්‍රශ්න කෙරෙන අතර අභිනව ජනාධිපතිවරයාගේ මෙම  ප්‍රකාශය තුළින් කළු ජාතිකයන්ට  ඇමරිකාව වෙනස් ලෙස සලකන  බවද ගම්‍ය වේ.

දැන් ඇමරිකාව යළි ක්‍රියාත්මකය.මේ තත්වය අප තේරුම් ගතයුත්තේ කෙසේද?  ශ්‍රී ලාංකික දේශපාලනයේදී  ආයතනයක් සඳහා අභිනවයෙන් තෝරාගනු ලබන්නා වෙත බලය හුවමාරු කිරීමේ ආදර්ශය මීටත් වඩා පිළිකුල් සහගත වූ අවස්ථා නිරීක්අණය වුවද පරාජිතයාගේ පාක්ෂිකයන් මෙසේ අභියෝග කිරීමේ ඉතිහාසයක් අපට නැත.එය මා දකිනුයේ දේශපාලන චර්යාවේ පරිනතභාවයකට වඩා අප ජනතාව විසින් කැරලි මර්දනය පිළිබඳ ලබා ඇති අත්දැකීම් ඇමරිකාවේදී තරම් සුමට නොවන නිසා වන තත්වයක් ලෙසයි.

එමෙන්ම ඇමරිකානු සමාජය තුළ ප්‍රදර්ශනාත්මක තත්වයෙන් වුව හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් ඇගයීම සැළකිල්ලට ගතයුතුවෙයි.

තම නායකයාගේ අයෝග්‍ය චර්යාව විවේචනය කරමින් ඇමරිකාව හා ප්‍රජාතන්ත්‍රවාදය තෝරා ගැනීමට රිපබ්ලිකන් පාක්ෂිකයන් පවා ක්‍රියා කළ අතර ඔවුන් දැරූ ඇතැම් තනතුරු පවා අත් හරින්නට ඉක්මන් වූහ. එය ඔවුන්ගේ දේශපාලන පිළිඹිබුව සුජාතකරණය කිරීමට ඇති පහසුම ක්‍රයමයක් විය හැකිය.එම පිළිඹිබුව(The presentation) විසින් කෙරෙන නියෝජනය (The representation) විය හැක්කේ කුමක්ද? එය මතවාදීමය වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සමාජය තුළ ඇති ඉල්ලුම ලෙස තේරුම් ගත හැකියි.

වරක් තම ජයග්‍රහණයකින් පසුව කළ කතාවක (In Trump’s Victory  Speech) ඔහු මෙසේ කීවේය. ” මම දුප්පත් ලෙස උගත්තුන්ට ආදරෙයි (I love the poorly educated.)”

උගත්කමට වඩා නූගත්කමට ආදරය කරන පාලකයා සෑම විටම අප නොමග යවන සුළු කපටියෙකු බව තේරුම් ගැනීමට අපලත් අත්දැකීම් ප්‍රමාණවත් නොවනවා නම්, ට්‍රම්ප් යනු ඒ සඳහා වන තවත් ඌණ පූර්ණයකි.

-ගිෂාන් මල්ලිකාආරච්චි.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...