24 C
Colombo
Sunday, December 10, 2023

නැන්සි 3වන ලෝක යුද්ධය අවුලුවයි ද?

- Advertisement -

ඇමරිකා එක්සත් ජනපද කතානායක නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරයක් සඳහා ගොස් තිබෙනවා.

එම සංචාරය සිදු නොකරන ලෙසට චීනය සිදු කළ තර්ජන නොසලකමින් එම සංචාරය සිදු කළ ඇය ඊයේ පස්වරුවේ තායිවානයට ගොඩ බැස තිබෙනවා.

ඇය ආසියානු රටවල් කිහිපයකට යෑමට නියමිත අතර තායිවානය ට පැමිණ ඇත්තේ ඒ අතරතුරදීයි

ඇමරිකානු කතානායකවරිය ගේ තායිවාන සංචාරයක් සමග චීනය තායිවානය ආසන්නයේ ඇති ෆුජියාන් ප්‍රදේශයට ඔවුන්ගේ සන්නද්ධ රථ සහ ආරක්ෂක හමුදාවන් විශාල ලෙස පෙළගස්වන බවත් මේ වන විටත් චීන SU 35 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා ඛණ්ඩයක් තායිවාන සමුද්‍ර සන්ධිය දෙසට පියාසර කරමින් සිටින බවත් ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙනවා.

චීන පාලනයෙන් මිදී ස්වයං පාලනයක් භුක්ති විඳින තායිවානය, සිය රටේ කොටසක් ලෙස චීනය සලකන අතර චීන මධ්‍යම ආණ්ඩුවේ අනුමැතියකින් තොරව ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් එහි සංචාරය කරන්නේ නම් ඔවුන් හට බරපතල ප්‍රතිවිපාක විඳීමට සිදු වනු ඇති බවටයි චීනය අනතුරු අඟවා සිටියේ.

වසර 25කට ආසන්න කාලයකදී තායිවානයේ සංචාරයේ නිරත වන ඉහලම එක්සත් ජනපද රාජ්‍ය නිලධාරියා වන්නේ නැන්සි පෙලෝසි යි. මෙම සංචාරය තුළ දී ඇමෙරිකානු කතානායකවරිය තායිවානයේ දින හතරක් ගත් කිරීමට නියමිතව ඇති අතර එහිදී ඇය ද්විපාර්ෂික සාකච්ඡා කිහිපයකට එක්වන බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...