27 C
Colombo
Monday, May 6, 2024

මානව හිමිකම් ගැටළුව නිසා IMF නැති වෙයි ද? – නන්දලාල්ගෙන් පිළිතුරක්

- Advertisement -

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.

ඒ, අද (06) පැවැති මාධ්‍ය හමුවකදීයි.

මාධ්‍යවේදීන් –

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී මෙරට ආර්ථික අවභාවිතාව සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියට බලපෑම් කරයිද?”

මහබැංකු අධිපතිවරයා –

“අපි දන්නා පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ පිළිබඳ කිසිවක් ප්‍රකාශ කර නැහැ.”

මේ අතර මේ මාසය අවසානයේදී පෙර මාසයට සාපේක්ෂව උද්ධමනයේ අඩුවීමක් අපේක්ෂා කෙරෙන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

අද මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේ මෙරට ණයහිමියන් සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතියක්ද දක්නට ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...