උසස් පෙළ කාල සීමාවේදී විදුලි කප්පාදුව සිදු කරනවාද නැද්ද යන්න නිශ්චිතව අද (26) දිනයේ ප්‍රකාශයට පත් කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ මෙම කාල සීමාවේදී කොන්දේසි කිහිපයකට යටත්ව අඛණ්ඩව විදුලිය සැපයීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් එකඟ වී ඇති පසුබිමකයි.
උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව අත්හිටුවන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධව කරුණු විමසීම සඳහා ඊයේ (25) දිනයේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පාර්ශව මානව හිමිකම් කොමිසමට කැඳවා තිබුණා.
එහිදී කොන්දේසි කිහිපයකට යටත්ව අඛණ්ඩව විදුලිය සැපයීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් එකඟ වූ බව මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කළ ද ඊයේ (25) පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කර තිබුණා.