27 C
Colombo
Thursday, May 16, 2024

වික්ටෝරියා ජලාශයේ ගිලීමෙන් කාන්තාවක් මරුට – සැමියා අතුරුදන්

- Advertisement -

වික්ටෝරියා ජලාශයේ දියේ ගිලීමෙන් කාන්තාවක් මියගොස් පිරිමි පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා.

මියගොස් ඇති කාන්තාව 22 හැවිරිදි වියේ පසුවන අතර අතුරුදන් ව ඇති ඇයගේ සැමියා 28 හැවිරිදි වියේ පසුවන බව පොලිසිය සඳහන් කළා.

පොලීසිය සඳහන් කළේ තිහාරිය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් මෙම අනතුරට මුහුණදී ඇති බවයි.

ඔවුන් තෙල්දෙණිය ප්‍රදේශයේ අදාළ කාන්තාවගේ ගම් ප්‍රදේශයට ගිය අවස්ථාවේ කුඹුක්කඳුර ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයේ මෙලෙස දිය නෑමට ගොස් තිබෙනවා.

මියගිය කාන්තාවගේ සිරුර මේ වනවිට හමුවී ඇති අතර අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබෙන අතර තෙල්දෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

ලාංකිකයින් රුසියානු හමුදා සේවයට යැවූ දෙදෙනා රිමාන්ඩ් 

විශ‍්‍රාමික හමුදා නිලධාරීන් නීතිවිරෝධි ලෙස රුසියාවේ හමුදා රැකියා සඳහා යැවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සැකකරුවන් 05 දෙනා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර...

යුද්ධයට මැදිවූ ලාංකිකයන් බේර ගන්න රුසියාවට දූත පිරිසක්

රුසියානු යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් සොයා බැලීමට හැකි තරම් ඉක්මනින් ධූත පිරිසක් රුසියාවට යැවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්...

ලක්ෂ 80ක් උස්සන්න ගිය පොලීසියේ දෙන්නෙක් ඇතුලු පිරිසක් මාට්ටු

මහනුවර - පූර්ණවත්ත ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 80 ක මුදලකට ව්‍යාජ මුදල් දමා එම ව්‍යාපාරිකයා පොලිසියට හසුකොටදී ,මුදල් කොල්ලකෑමට උත්සාහ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...