30.3 C
Colombo
Friday, April 26, 2024

ඇෆ්ගනිස්තානයට ලබාදෙන ලෝක බැංකු ආධාර නවතී

- Advertisement -

ඇෆ්ගනිස්තානයට ලෝක බැංකු ආධාර සැපයීම යළි ආරම්භ නොවනු ඇති බව වාර්තා වේ.

ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මැල්පාස් සදහන් කර ඇත්තේ ලෝක බැංකුව විසින් ඇෆ්ගනිස්තානයට සෘජුව ආධාර සැපයීම යළි ආරම්භවීම සිදුනොවනු ඇති බවයි.

ණය ලබාදීම, ඒවා විවිධ ක්ෂේත්‍ර වෙත ගළා යාම සහ ආපසු ගෙවීම පිළිබද තලේබාන් පාලනය විසින් නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම මෙම ණය ලබා නොදීමේ තීරණයට මූලික ‍හේතුව වී තිබේ.

මේ වනවිටත් ඇෆ්ගනිස්තානය තුළ ලෝක බැංකු ව්‍යාපෘති 25ක් පමණ ක්‍රියාත්මක වන අතර 2002 වර්ෂයේ සිට ලෝක බැංකුව විසින් ඇෆ්ගනිස්තානයට සපයා ඇති ණය වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 5.3 ක් පමණ වේ.

පසුගිය අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලන බලය අල්ලා ගැනීමෙන් අනතුරුව ලෝක බැංකුව විසින් ඇෆ්ගනිස්තානයට ආධාර සැපයීම අත්හිටවනු ලැබිණ.

RECENT ARTICLES - SINHALA

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...