25 C
Colombo
Sunday, December 10, 2023

ප්‍රංශ සංචාරකයන් වෙනුවෙන් යාල විවෘත වෙයි

- Advertisement -

දිවයිනට පැමිණ සිටින ප්‍රංශ නාවික හමුදා සමාජිකයින් අද (8) යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වන බව සංචාරක සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කරනවා.

එම අවසරය ලබාදී ඇත්තේ ප්‍රංශ තනාපති කාර්යාලය මෙරට විදේශ අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලිමකට අනුවයි.

වනජිවී දෙපාර්තමේන්තුවද පවසන්නේ ප්‍රංශ නාවික හමුදා සමාජිකයින් පිරිසට සංචාරය කිරීම සඳහා අද යාල ජාතික වන උද්‍යානය විවෘත කරන බවයි.

ඒ අනුව අදාළ නාවිකයන්ගෙන් 101 දෙනකු යාල වනෝද්‍යානයේ ද 86 දෙනෙකු උඩවලව ජාතික වනෝද්‍යානයේද, 235 දෙනෙකු හබරණ ප්‍රදේශයේ ද, සංචාරය කීරිමට නියමිතයි.

මෙම පිරිස සඳහා සංචාරක මගපෙන්වන්නන් හා සෆාරි ජීප් රථ ද යොදවා තිබෙනවා.

අදාළ ප්‍රංශ නාවික හමුදා සාමාජිකයින් 750 ක් රැගත් නෞකා දෙකක් ඊයේ (07) කොළඹ වරායට පැමිණියා.

එම පිරිස ලබන 11 වැනිදා දක්වා මෙරට රැඳී සිටිමට නියමිතයි.

මේ අතර සංචාරක බුබුල ක්‍රමවේදය යටතේ, ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින් ලැගුම් ගන්නා හෝටල්වල පමණක් සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර ලබ දී තිබෙනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, ආරක්ෂිත හා සුරක්ෂිත පළමු පෙළ හෝටල්වල කොන්දේසිවලට යටත්ව එම අවසරය ලබා දී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...