21 C
Colombo
Monday, February 10, 2025

19වන සංශෝධනය නැවත ගේනවා – රනිල්

- Advertisement -

මින් ඉදිරියට කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි පරිදි 19 වන ව්‍යවස්ථා සංශෝධනය යළි ගෙන ඒම තම අනාගත දේශපාලන සැලැස්ම බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ පවතින කොරෝනා තත්ත්වය හමුවේ බලය අත්පත් කර ගැනීම පෙසක තබා තමන් තනිවම සිය අරමුණ වෙනුවෙන් කටයුතු කරන බවයි.

එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු අසුන වෙනුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට තමන් මුලින්ම බලාපොරොත්තු නොවූ නමුත් කොවිඩ් මරණ ප්‍රමාණය ඉහළ යාමත් සමඟ එම තීරණයට එළැඹි බවයි ඒ මහතා පවසන්නේ.

තනි පුද්ගලයෙකු ලෙස වුවත් පාර්ලිමේන්තුව තුල විශාල හඬක් නැගිය හැකි බවත් දැනට පාර්ලිමේන්තුවේ සාකච්ඡා නොවන කරුණු පිළිබඳව සාකච්ඡා කරමින් ජන මතයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පවසනවා.

තමා රාජපක්ෂ රජයේ කොන්ත්‍රාත්තුවකට පාර්ලිමේන්තු පැමිණි බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂයේ බෙදීමක් ඇති කිරීමට තමන් උත්සහයක නොයෙදෙන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම, ලොකයේ රටවල් සමඟ ගැටුම් ඇති කරගෙන ඉදිරි ගමනක් යා නොහැකි බැවින් සියළු රටවල් සමඟ එක්ව කටයුතු කළ යුතු බව පෙන්වාදෙන ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම මේ අවස්ථාවේදී තීරණාත්මක බවද පෙන්වා දෙනවා.

එන්නත්කරණ වැඩපිළිවෙලක වැදගත්කම තමන් පෙන්වාදුන්නේ 2020 දෙසැම්බර් මාසයේ වන නමුත් රජය හෝ මාධ්‍යය එය සැලකිල්ලකට නොගත් බවත් මේ වන විට ප්‍රමාද වී අවසන් බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පොදු අපේක්ෂකයෙකු ලෙස පාඨලී චම්පික රණවකව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවට පලවන අදහස්ද ප්‍රතික්ෂේප කරන අතර මෙම අවස්ථාවේදී සිය බලාපොරොත්තුව වන්නේ සෞඛ්‍යමය ගැටළුවට පිළිතුරු ලබාදීමට දායක වන අතරතුරම දේශපාලන ගැටළුවට පිළිතුරක් වන 19වන සංශෝධනය නැවත වෙනස් කළ නොහැකි ආකාරයකට බලාත්මක කිරීම බව හිටපු අග්‍රාමාත්‍යවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි බිඳවැටීම ගැන පැහැදිලි කිරීමක්

සමස්ථ විදුලිබල පද්ධතිය බිඳවැටීම සඳහා බලපාන මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන්...

“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක්

දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත “ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රි ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර හෙට (10) සිට ක්‍රියාත්මක වනවා. පවතින අධික...

රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙය 2024...

POPULAR ARTICLES