30.2 C
Colombo
Friday, April 26, 2024

ගොවීන්ට ඉන්ධන නිකුත් කිරීමට දිවයින ඉන්ධනහල් 247 ක්

- Advertisement -

2022 යල කන්නයේ ගොවීන් සඳහා ඉන්ධන නිකූත් කිරිමේ වැඩ සටහන යටතේ දිවයින පුරා ඉන්ධන හල් 247කින් පහසුකම් සැලසීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඊයේ (22) පස්වරුවේ කෘෂි පර්යේෂණ නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග සාකච්ඡා කළ අමාත්‍යවරයා මීලඟ මහ කන්නයේ දී රටේ සියලුම කුඹුරු අස්වැද්දීම සඳහා ගොවි ජනතාව උනන්දු කරවීමේ වගකීම කෘෂි පර්යේෂණ නිලධාරින් බාර ගත යුතු බව ද සඳහන් කළේය.

ජූනි මාස මුල් සතියේ මෙරට වගා කර තිබු කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 238,000ක් විය. ඒ මට්ටම අපේක්ෂිත ඉළක්කයෙන් සියයට 38ක් පමණ විය. නමුත් සති තුනකට ආසන්න කාලයක් තුළ වගා කරන ලද කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 473,000 ඉක්මවා ගොස් තිබේ. ඒය අපේක්ෂිත ඉළක්කයෙන් සියයට 90 ඉක්මවා ගොස් තිබේ.

කෙසේ වුවද මීලග මාස කන්නය තුළ අප රටේ සියලූම කුඹුරු අස්වැද්දීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉළක්කය වන අතර ඒ සඳහා සියලූම කෘෂි පර්යේෂණ නිලධාරින් වීසින් කැපවී කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ. 2022/ 23 මාස් කන්නයෙන් පසුව රට තුළ පුරන් කුඹුරු යනුවෙන් ඉඩම් විශේෂයක් රට තුළ නොතිබිය යුතුබවත් ඒ සඳහා සියලූම වගකීම් කෘෂි පර්යේෂණ නිලධාරින් බාර ගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළා. එම රැස්වීම අවසන් වූ...

උලපනේ සුමංගල හිමිට ඇප

අධිකරණ නියෝගවලට අවනත නොවී රාජ්‍ය නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ සිටි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත...

සජබෙට ගිය මන්ත්‍රීලා ගැන පොහොට්ටුව තීරණයක් ගනී

සමගි ජන බලවේගය සමඟ ගිවිසුම්ගත වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...