27 C
Colombo
Monday, April 29, 2024

චීන නැව් 4 ක්ම ඉන්දියන් සාගරයට ඇවිත්

- Advertisement -

චීනයේ පර්යේෂණ නැව් 4ක් ශ්‍රී ලංකා මුහුද සමීපයේ ඉන්දීය සාගර කලාපයට ඇතුලු වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ ඉන්දියාව ඉදිරි සති දෙක තුළ බැලැස්ටික් මිසයිලයක් අත් හදා බැලීමට සූදානම් වන පසුබිමක මෙම නැව් ඉන්දීය සාගර කලාපයට පැමිණ ඇති බවයි.

මේ වන විට චීන නැව් 4 ශ්‍රී ලංකා මුහුද සමීපයේ ඉන්දීය සාගර කලාපය තුළ ස්ථානගත වී තිබෙනවා.

මෙලෙස ඉන්දියන් සාගරයට ඇතුළු වී ඇත්තේ ශියෑන් යෑන්ග් හොන්ග් 03, ෂියැන්ග් යෑන්ග් හොන්ග් 01 , යුආන් වැන්ග් 03, ඩා යෑන්ග් හා ඕ නමැති පර්යේෂණ නෞකා 4ක්.

මේ අතරින්, ශියෑන් යෑන්ග් නෞකා සහ ඩා යෑන්ග් හෝ නෞකාව සමුද්‍ර පර්යේෂණය සඳහා පහසුකම් ඇති නෞකා දෙකක් වන අතර යුවෑන්ග් වෑන් 3 නෞකාවට චන්ද්‍රිකා සහ මිසයිල ගමන් පථ හඳුනා ගැනීමට හැකියි.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ ඉන්දියාව බැලැස්ටික් මිසයිල අත් හදා බැලීමට සමගාමීව මෙම චීන නැව් ඉන්දීය සාගර කලාපයේ සැරිසරන බවයි.

පසුගිය මාර්තු 11 වනදා ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේදී අග්නි 5 නමැති  ඉලක්ක කිහිපයකට එක වර ප්‍රහාර එල්ල කළ හැකි මිසයිලයක් පරීක්ෂා කර තිබුණා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අග්නි 5 අත් හදා බලන අවස්ථාවේ ෂියෑන්ග් යෑන්ග් හොන් 01 නමැති චීන පර්යේෂණ නෞකාව විශාඛාපට්නම් මුහුදට  480 km දුරින් ඉන්දියාවට සමීපයෙන් රඳවා තිබූ බවයි.

මේ අතර, ඉදිරි සති දෙක තුළ නැවතත් මිසයිල අත් හදා බැලීමක් සිදු කරන බව ඉන්දියාව ප්‍රකාශ කරනවා.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ, බෙංගාල බොක්ක කලාපයට ඉහළින් ඉන්දියාව ගුවන් ගමන් තහනම් කලාපයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙම චීන නෞකා ඉන්දියන් සාගර කලාපයට ඇතුලු වී ඇති බවයි.

අප්‍රේල් 03 වනදා පැය 48ක කාලයක් පුරාවට මෙම  ගුවන් ගමන් තහනම පනවා තිබෙනවා.

මෙවැනි පසුබිමක චීන නැව් අතර සමුද්‍ර රත්නාකර  නම් ඉන්දීය නෞකාවක්ද තවත් සබ්මැරීන 11ක් ද ඉන්දියන් සාගර කලාපයේ ස්ථාන ගත කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ දශක තුනකට පසු ඉන්දියාවේ සබ්මැරීන බල ඇණිය විසින් එවැනි බලයක් ප්‍රදර්ශනය කළ පළමු අවස්ථාව මෙය බවයි.

ශ්‍රී ලංකාව පර්යේෂණ නෞකාවලට තම මුහුදු කලාපයට ඇතුළු වීම සීමා කරමින් පැනවූ තහනම පසුව වෙනස් කරමින් සැපයුම් ලබා ගැනීම සඳහා  ශ්‍රී ලංකා මුහුදු කලාපයට පර්යේෂණ නෞකාවලට  පැමිණිය හැකි බවට කළ සංශෝදනයෙන් පසු මෙම තත්වය උද්ගතව ඇති බවයි.

ශියෑන් යෑන්ග් හොන්ග් 03 නමැති චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුලු වීමට අවසර ඉල්ලීමත් සමඟ පසුගිය වසරේදී ශ්‍රී ලංකාව මෙම තහනම පනවා තිබුණා.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...