25 C
Colombo
Thursday, May 16, 2024

මහ ඇමතිව අත්අඩංගුවට ගත්තේ ‘මෝදි’ බය නිසා- ඉන්දීය ආම් ආද්මි පක්ෂය

- Advertisement -

ඉන්දීය විපක්ෂ ප්‍රබල දේශපාලනඥයෙකු වන දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ඉන්දියාවේ මූල්‍ය අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් දිල්ලිය අනුගමනය කරන ලද ප්‍රතිපත්තිවලට අදාළව දූෂණ චෝදනා එල්ල කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.

කෙසේවෙතත්, අරවින්ද් කෙජ්රිවාල් අයත් වන ආම් ආද්මි පක්ෂය (AAP) පවසන්නේ මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම මෙම අත්අඩංගුවට ගැනීම  දේශපාලන වුවමනාකම් මත සිදු කරන ලද බවටද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වීමට තව සති කිහිපයක් පමණක් පවතින පසුබිමක දිල්ලි මහ ඇමති මෙලෙස අත්අඩංගුවට ගෙන තිබීම විශේෂත්වයක්.

ඉන්දීය නීති බලාත්මක කිරිමේ ඒජන්සියේ විමර්ශන කණ්ඩායමක් විසින්  කෙජ්රිවාල් මහතාගේ නිවස සෝදිසි කර ඇති අතර  එම අවස්ථාවේදීම පොලිසිය විසින් එම නිවස වැටලීමට පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ, 2022 වසරේදි  දිල්ලි රජය විසින් ක්‍රියාත්මක කරන ලද මධ්‍යසාර විකිණීමේ ප්‍රතිපත්තියක් මඟින් පෞද්ගලික හිතවතුන්ට අනවශ්‍ය වාසි සලසා දුන් බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇති බවයි.

අරවින්ද් කේජ්රිවාල් මහතා මෙම නඩුවට නිකුත් කරන ලද බොහෝ සිතාසි නොසලකා හැර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම,  පාලක භාරතීය ජනතා පක්ෂයේ මජර දේශපාලනය ක්‍රියාත්මක කිරීමක් බව ආම් ආද්මි පක්ෂය (AAP) චෝදනා කරනවා.

ඔවුන් තවදුරටත් පවසන්නේ දිල්ලි මහ ඇමති කෙජ්රිවාල් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හදිසි විභාගයක් ඉල්ලා සිටින බවයි.

ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් සහ මැයි මාසවලදී අදියර හතකින් පැවැත්වෙන අතර එහි ප්‍රතිඵල ජුනි 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඡන්ද විමසීම ආසන්න වීමත් සමඟම අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ රජය විසින් දේශපාලන අරමුණු සඳහා රාජ්‍ය ආයතන අවභාවිත කරන බවට විරුද්ධ පක්ෂ චෝදනා කර තිබුණා.

ආම් ආද්මි පක්ෂයේ නීති සම්පාදක සහ දිල්ලි සභාවේ ප්‍රධාන සංවිධායක දිලිප් පාණ්ඩේ බීබීසී වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ මෙම අත්අඩංගුවට ගැනීමෙන් අගමැති මෝදි කෙජ්රිවාල්ට බිය වී ඇති බව පෙන්නුම් කරන බවයි.

කේජ්රිවාල්ගේ අත්අඩංගුවට ගැනීමට සහ මෝදිගේ රජයේ අසාධාරණ ප්‍රතිපත්තිවලට එරෙහිව දිගි දිගටම සටන් කිරීමට සූදානම් බවද ඔහු පවසා තිබෙනවා.

ආම් ආද්මි පක්ෂයේ නායකයින් දෙදෙනෙකු වන සංජේ සිං සහ මනීෂ් සිසෝඩියාද පසුගිය වසරේ මෙම නඩුව  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට

රුපියල් 1000ක ව්‍යාජ මුදල් නෝට්ටු 09ක් ළග තබාගත් සැකකරුවෙකු වීරකැටිය - මැදමුලන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා. පොලිසිය පවසන්නේ, තංගල්ල...

අනධ්‍යන සේවක ගැටලුව ගැන මේ සතියේ තීරණයක් ගන්නවා – සුරේන් රාඝවන්

අනධ්‍යන සේවකයින්ගේ දීමනා ලබාදීම සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ දීමනා...

ගුවන්තොටේ යකා නැටු ආණ්ඩුවේ ලොක්කා කව්ද?

කටුනායක ගුවන්තොටුපළට පසුගිය අඟහරුවාදා (14) අලුයම් කාලයේ පැමිණි ආණ්ඩුවේ තනකුරක් දරන දේශපාලකයෙක් විසින් ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා ගෙන යන සේවකයකුගේ (පෝටර්) කනට...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...