33 C
Colombo
Friday, May 10, 2024

මේ වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය අද

- Advertisement -

මේ වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය දැකබලා ගැනීමට අද(25) ලෝකවාසීන්ට අවස්ථාව හිමි වෙනවා. 

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ, අද පෙරවරු 10.23 සිට පස්වරු 03.02 දක්වා මෙම චන්ද්‍රග්‍රහණය දිස්වන බවයි.

කෙසේ වෙතත් මෙම චන්ද්‍රග්‍රහණය දහවල් කාලයේ සිදුවීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට එය දිස් නොවන බව ඔහු පෙන්වා දෙනවා.

මෙම වසරේ ඉදිරියේදී චන්ද්‍රග්‍රහණ 2ක් සහ සූර්යග්‍රහණ 2ක් සිදු වුවද ශ්‍රී ලංකාවාසීන් හට ඒ කිසිවක් දැක බලා ගැනීමට අවස්ථාවක් නොලැබෙන අතර, මීළඟට අපට දිස්වීමට නියමිත ග්‍රහණය 2025 සැප්තැම්බර් 07 වැනි දින ඇතිවීමට නියමිත සූර්යග්‍රහණය බව මහාචාර්ය ජයරත්න මහතා තවදුරටත් සඳහන් කළා.

අද ප්‍රථම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනුනත් එය යුරෝපයේ බොහෝ ප්‍රදේශ, උතුරු / නැගෙනහිර ආසියාව, ඔස්ටේ්‍රලියාවේ බොහෝ ප්‍රදේශ, අප්‍රිකාව, උතුරු ඇමෙරිකාව, දකුණු ඇමරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව ඇතුළු ලෝකයේ විශාල කොටසකට එය දෘශ්‍යමාන වනු ඇති. 

RECENT ARTICLES - SINHALA

ක්‍රිප්ටෝ මුදල් ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ ‘ක්‍රිප්ටෝ මුදල්’ භාවිතය ගනුදෙනු සඳහා නීත්‍යනුකූල නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කර...

තූර්කියට ගොඩබාපු ගුවන් යානයක ටයරයක් පුපුරලා

තුර්කියේ මධ්‍යධරණී මුහුද අසල පිහිටි Alanya නගරයේ gazipasa ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට ආසන්නව තිබියදී තුර්කි මගී ගුවන් යානයක් අනතුරට පත්වී තිබෙනවා. යානය අනතුරට පත්වූයේ එය ගුවන්...

රට වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක එකතු වෙන්න කැමතියි – බැසිල්

රට වෙනුවෙන් ඕනෑම අයෙකු සමඟ එකතු වීමට මෙන්ම වෙන් වීමටත් කැමති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ...

POPULAR ARTICLES

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...