25 C
Colombo
Monday, May 20, 2024

මෛත්‍රී CID එකට ඇවිත්

- Advertisement -

2019 වසරේ සිදුවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න තමන් දන්නා බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

අද පෙරවරු 10.15ට පමණ හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවට වාර්තා වනවා.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඊයේ (24) දැනුම්දී තිබුණා.

එසේම හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නියෝග කරනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

සාපෙළ ලියද්දී අසාධාරණයට ලක්වූ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසම හමුවට

මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතරතුර අසාධාරණයකට ලක් වූ සිසුන් පිරිසක් අද (20) ප්‍රකාශ ලබාදීම සඳහා මානව හිමිකම්...

කළුතර වෙඩි තැබිමක්

කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙන බව පොලිසිය පවසනවා. ටී-56 ගිනිඅවියකින් නිවස තුළ...

හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා රජය විසින් හෙට (21) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කළේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් එම තීරණය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...