28 C
Colombo
Friday, May 10, 2024

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

- Advertisement -

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (28) නියෝග කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නදීම් බාෂික් විසින් ගොනුකළ රිට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණා.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් තමන්ව අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් මීට අදාළ ව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවත් පෙත්සම්කරු කියා සිටියා.

ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව අසාධාරණ ලෙස තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

අහුංගල්ලේ තවත් වෙඩි තැබීමක්

අහුංගල්ල,මරදාන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩිතැබීමෙන් 54 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා මේ වනවිට බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලීසිය සඳහන් කරනවා. මිදුලේ දී තුවාලකරු...

සබරගමුව කැම්පස් එකේ අක්‍රමිකතා රැසක් කොප් කමිටුවේදී එළියට

සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ ඉකුත් 08 වැනිදා කෝප් කමිටුවේදී අනාවරණය වූ...

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කල්ල මරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සියලුම ජාත්‍යන්තර ක්‍රීඩකයින් සඳහා වන ක්‍රීඩක ගාස්තු ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ක්‍රිකට් ආයතනය...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...