29 C
Colombo
Wednesday, May 15, 2024

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරලා

- Advertisement -

අග්බෝපුර 84 ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේ පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි 44 හැවිරිදි විවාහක කාන්තාවක්.

ඊයේ රාත්‍රියේ සිය නිවසට යාබද නිවසක සිටින තවත් පුද්ගයෙකු බීමතින් පැමිණ මෙම කාන්තාවට සහ ඇයගේ සැමියාට පරුෂ වචනයෙන් බැණවැදී ඇති අතර එය නවත්වන ලෙස පැවසීමට ඇය සිය සැමියා සහ තවත් ඥාති සහෝදරයෙකු සමග අදාළ පුද්ගලයාගේ නිවස අසලට ගොස් තිබෙනවා.

එහිදී ඇතිවු බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු බීමතින් සිටි පුද්ගලයා මෙම කාන්තාවට සහ ඇයගේ සැමියාට පොරොවකින් පහරදී තිබෙන බව සඳහන් වනවා.

පොලිසිය පවසන්නේ, තුවාලකරුවන් කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් ඇති බවයි.

ඇයගේ සැමියා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලාල් සහෝදරයට වචනෙක පොඩි වරදක් වුණා – නලින්ද ජයතිස්ස

ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී ලාල්කාන්ත මහතා ඉකුත් මැයි පළමුවෙනිදා සිදුකළ ප්‍රකාශයකදී වචනයක සුළු වරදක් සිදු වූ බව එම පක්ෂයේ ජාතික විධායක...

කොළඹ ගං වතුර අඩු කරන්න විශේෂ වැඩපිළිවෙළක්

කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති 7ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

උණ්ඩියල් වංචාවකට පොහොට්ටු දිස්ත්‍රික් සංවිධායක මාට්ටු

යාපනයේ වැසියන්ට විදේශ රටවලින් මුදල් ගෙන්වා දෙන නීති විරෝධී 'උණ්ඩියල් ' ජාවාරමක නිරත වෙමින් රුපියල් 1,090,000ක මුදලක් වංචා කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...