32 C
Colombo
Monday, April 29, 2024

සංචරණ සීමා දමා උත්සව තහනම් කර තිබියදී නිපුන රණවක චෛත්‍යයකට මුල්ගල් තියලා (ඡායාරූප)

- Advertisement -

මේ වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකටම සංචරණ සීමා පනවා තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා චෛත්‍යයකට මුල්ගලක් තැබීමේ උත්සවයක් ඊයේ (14) සංවිධානය කර තිබෙනවා.

මාතර – රන්දූපත උපෝසථාගාරයේ අභිනවයෙන් ඉදිවෙන චෛත්‍ය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක ඇතුළු ප්‍රදේශයේ දේශපාලන කටයුතුවල නිරත පුද්ගලයින් කිහිපදෙනෙකු හා ප්‍රදේශවාසීන් සහභාගීවී තිබෙන බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගීවී සිටීම විශේෂත්වයක්.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සියලු ආගමික ස්ථානවල මහජනයා එක්රැස්වෙන ක්‍රියාකාරකම් තහනම් කර තිබෙනවා.

ඒසේ තිබියදීත් මෙම ආගමික උත්සවය සංවිධානය කර තිබුණා.

මේ අතර පසුගියදා ප්‍රසන්න රණතුංග මහතාද විවෘත කිරීමේ උත්සවයකට සහභාගීවුණා.


RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...