සිංහල දමිළ අලුත් අවුරුදු කාලපරිච්ඡේදය තුළ වංචනික ලෙස කිරුම් මිනුම් උපකරණ භාවිතා කරන වෙළෙන්දන්ගෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂා කිරීම් ආරම්භ කර තිබෙනවා.
පසුගිය දින කිහිපය පුරාවට මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල කාර්යාලයේ නිලධාරීන් විසින් මෙලෙස විශේෂ පරීක්ෂා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණා.
මෙහිදී බදුල්ල නගරය හා දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවල වෙළඳසැල්, මහජන පොළ, සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන්ම ක්‍රියාත්මක කරන ලද විශේෂ වෙළඳ කුටි සහ පොළ පරීක්ෂාව ලක් කෙරුණා.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි සිදු කරන ලද මෙම විශේෂ පරීක්ෂාවේදී, වෙළඳසැල් හා ව්‍යාපාරික ස්ථාන 635 ක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහිදී වැරදි කිරුම් හා මිනුම් උපකරණ භාවිතා කළ සහ නියමිත බර නොමැතිව භාණ්ඩ අලෙවි කිරීම් සම්බන්ධයෙන් වංචා සිදු කළ පුද්ගලයින් දස දෙනෙකුට විරුද්ධව නීතිමය පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම, විශේෂ දැනුවත් කිරීම් 110 ක් හා පෙර ඇසුරුම් පරීක්ෂාවන් 80 ක්ද මෙහිදී සිදු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.