25 C
Colombo
Thursday, May 16, 2024

හක්මන ඝාතනයට අයෙක් සැකපිට අත්අඩංගුවට

- Advertisement -

හක්මන ප්‍රදේශයේ සිදුවූ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරු 46 හැවිරිදි වියේ පසුවන හක්මන කහටගහකොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

හක්මන කහටගහකොරටුව ප්‍රදේශයේ දී 21 හැවිරිදි තරුණයෙකු ඊයේ (15) තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණා.

පැරණි අමනාපයක් මත ඔහුගේ බාප්පා විසින් එම ඝාතනය සිදුකර ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් එම ඝාතනයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඊයේ රාත්‍රියේ හක්මණ ගල්කන්ද ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් හක්මණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.


RECENT ARTICLES - SINHALA

ගුවන්තොටේ යකා නැටු ආණ්ඩුවේ ලොක්කා කව්ද?

කටුනායක ගුවන්තොටුපළට පසුගිය අඟහරුවාදා (14) අලුයම් කාලයේ පැමිණි ආණ්ඩුවේ තනකුරක් දරන දේශපාලකයෙක් විසින් ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා ගෙන යන සේවකයකුගේ (පෝටර්) කනට...

පාඨලීගේ නඩුව අවසන් – තීන්දුව කල් යයි

අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයකු බරපතළ අනතුරකට ලක් කළේ යැයි ගොනු කරන ලද චෝදනාවලට එරෙහිව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ...

හමුදාව ලක්ෂයක් දක්වා අඩු කිරීමේ තීරණයක්

2030 වසර වන විට යුද්ධ හමුදාව ලක්ෂයක පමණ සංඛ්‍යාවකට ගෙනඒමට අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ඔහු පවසන්නේ, යුද කාලයෙන්...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...