27 C
Colombo
Thursday, May 16, 2024

ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ගැන අනාවරණයක්

- Advertisement -

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

එසේම ඇතැම් අවස්ථාවලදී රෝගීන්ගේ ආහාර වේල සඳහා ලබාදෙන එළවළුද කුණු වීමට ආසන්න ඒවා බව වෛද්‍ය බෙල්ලන මහතා සඳහන් කරනවා.

රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන තේ වේල් සඳහා භාවිත කරන පිටි සහ සීනි ද කල් ඉකුත් වීමට ආසන්න ඒවා බව වෛද්‍ය බෙල්ලන මහතා පෙන්වා දෙනවා.

ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ ඇතැම් අවස්ථාවලදී  ආහාර සැපයීම බාර අදාල කොන්ත්‍රාත් සමාගම සේවකයන්ගේ ආහාර වේල් සඳහා  ආහාරයට නුසුදුසු මාළු ලබාදෙන බවයි.

මේ පිළිබඳ සේවකයන් ගණනාවක් පැමිණිලි කර තිබෙන නමුත් තීරණය ගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිසාවෙන් රෝහල් බලධාරීන්ට කිසිවක් කළ නොහැකි බව වෛද්‍ය බෙල්ලන මහතා අවධාරණය කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ මේ පිළිබඳ කීප වතාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලිපි මගින් දැනුවත් කර තිබෙන නමුත් තවමත් ඒ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

රෝහලට ආහාර සපයන අදාල කොන්ත්‍රාත් සමාගම බන්ධනාගාර, හමුදා කඳවුරු සහ රාජ්‍ය ආයතනවලටද ආහාර සපයන බව වෛද්‍ය බෙල්ලන මහතා තවදුරටත් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගුවන්තොටේ යකා නැටූ මැට්ටා මෙන්න

කටුනායක ගුවන්තොටුපළේ පසුගියදා ඇති වූ කලහකාරී සිදුවීමට මුල් වී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා බව අනාවරණය වී...

ඇල්ල – වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමේ

අද උදෑසන සිට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (16) සවස 6 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. දිස්ත්‍රික්...

ලාංකිකයින් රුසියානු හමුදා සේවයට යැවූ දෙදෙනා රිමාන්ඩ් 

විශ‍්‍රාමික හමුදා නිලධාරීන් නීතිවිරෝධි ලෙස රුසියාවේ හමුදා රැකියා සඳහා යැවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සැකකරුවන් 05 දෙනා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...