25 C
Colombo
Friday, May 17, 2024

පාර්ලිමේන්තුවේ අලුත් තනතුරක්

- Advertisement -

2023 අංක 6 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනතේ 14 වැනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුව සඳහා ‘අයවැය නිලධාරි’ නමින් නව තනතුරක් පිහිටුවා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව එම අයවැය නිලධාරියාගේ මූලික වැටුප රුපියල් 408,360ක් වන අතර සියලු දීමනා සමඟ වැටුප රුපියල් 665,000ක් වනු ඇති.

අදාළ නිලධාරියාගේ වයස් සීමාව අවුරුදු 65ට අඩු විය යුතු වනවා.

තවද ඔහුට හෝ ඇයට රජයේ අයවැයකරණය, මූල්‍ය ප්‍රතිපත්ති, හෝ සාර්ව ආර්ථික විශ්ලේෂණය පිළිබඳ අවම වශයෙන් වසර 15ක පළපුරුද්දක් සතු විය යුතුයි.

කෙසේවෙතත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති හර්ෂ ද සිල්වා මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ හිටපු ජ්‍යෙෂ්ඨ බහුපාර්ශ්වික නියෝජිතායතන වෘත්තිකයකු මෙම කාර්යයට ගැළපෙනු ඇති බවයි.

ඔහුට අනුව අයවැය නිලධාරියා වසර පහක කොන්ත්‍රාත්තුවක් මත බඳවා ගනු ලබනවා.

එම තනතුර සඳහා සුදුසුකම් ඇති දක්ෂ, අවංක, උසස් සදාචාරාත්මක බව සහ හොඳ නමක් ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලබන බව සඳහන්.

මෙම පනත යටතේ නියෝජ්‍ය අයවැය නිලධාරි තනතුරක් ද නිර්මාණය වනු ඇති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය මූල්‍ය වගකීම් ඉටු කිරීමේදී ව්‍යවස්ථාදායකයට සහාය වීමේ අරමුණින් පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවා තිබෙනවා.

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය ස්වාධීන, පක්ෂග්‍රාහී නොවන සහ ඕනෑම දේශපාලන බලපෑමකින් බැහැර සහ ආරක්ෂා විය යුතුයි.

RECENT ARTICLES - SINHALA

භාෂා පරිවර්ථකයෙක් ලෙස ආ චීන ජාතිකයා මාස 6කදි මිලියන ගණනක් හොයලා

චීන භාෂා පරිවර්ථකයෙකු වශයෙන් රැකියාක් කිරීමට ලංකාවට පැමිණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මාස 06ක් වැනි කෙටි...

පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණයෙන් වසර දහයක සිරදඬුවමක්

විශාල මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත 2020 වසරේදී අත්අඩංගුවට ගත් පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණය වසර දහයක සිරදඬුවමක් නියම කර තිබෙනවා. 2020 ජනවාරි 01...

පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න

වසර 19ක් පමාවී ඇති පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න ලෙස කෝප් කමිටුව පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දී තිබෙනවා. පාරිභෝගික ‍කටයුතු අධිකාරියේ 2021 සහ 2022 මුදල්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...