29.6 C
Colombo
Sunday, April 28, 2024

සජිත් ප්‍රේමදාස නිසා මන්ත්‍රී පොකුරක් ඇතිවීමේ අවදානමක් (ඡායාරූප)

- Advertisement -

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයන් වූ විපක්ෂයේ මන්ත්‍රීන් රැසක් ආසාදිතයන් වීමේ අවධානමක් පවතිනවා.

වරාය නගර පනත සම්මත කිරීමේ පාර්ලිමේන්තු රැස්වීම ඇතුළු පසුගිය දවස් කිහිපයේ පැවති පාර්ලිමේන්තු රැස්වීම් කිහිපයටම විපක්ෂ නායකවරයා සම්බන්ධ වුණා.

කොවිඩ් මාර්ගෝපදේශයන්ට අනුව ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීම, සම්මන්ත්‍රණ, ඒකරාශ්‍රීවීම් තහනම් වුවත් පාර්ලිමේන්තු රැස්වීම් අඛණ්ඩව පැවැත්වීමට කටයුතු කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පනවා ඇති අසුන් අතර කිසිදු ආකාරයක මීටරයක පරතරයක් නොතිබූ අතර බොහොමයක් මන්ත්‍රීවරුන් වැඩි වේලාවක් මුව ආවරණ නොමැතිව සිටින ආකාරයද දක්නට ලැබුණා.

මේ අතර පසුගියදා සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගත්තා.

විපක්ෂ නායකවරයා පසුගිය 20 වනදා පාර්ලිමේන්තු මාර්ගයේ පැවති විරෝධතාවයකටද සහභාගී වී තිබුණා.

එමෙන්ම 21 වනදා ‘විපක්ෂයෙන් හුස්මක්’ වැඩසටහන යටතේ කුළියාපිටිය රෝහලට රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනකටද එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

වන විනාශය ගැන හොයන්න විශේෂ කණ්ඩායම්

දිවයින පුරා සිදුවන වන විනාශයන් පිළිබද සොයා බැලීම සදහා විශේෂ කණ්ඩායම් යොදවා ඇතැයි වන සං‍රක්ෂණ දෙපාර්තුමේන්තුව පවසනවා. වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන්...

ලෝකෙට ගැළපෙන නායකයා රනිල් – වජිර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වීමට මේ වන විට තීරණය කර අවසන් බවත්, එම ජනාධිපතිවරණය මෙරට ඉතිහාසයේ සිදු වන ඓතිහාසිකම ජයග්‍රහණය බවත් එක්සත් ජාතික පක්ෂ...

සාදයක් අතරතුර වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණිය මරුට

මින්නේරිය පොලිස් වසමේ යාය 04, ගිරිතලේ ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි 17 හැවිරිදි තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම තරුණිය පොළොන්නරුව රෝහලේ...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...