27 C
Colombo
Monday, April 29, 2024

“අපිට ප්‍රයිවට් බිස්නස් වලට කතා කරන්න එපා” ඇස්ට්‍රාසෙනෙකා සමාගම ලංකාවට දැනුම් දෙයි

- Advertisement -

ඇස්ට්‍රාසෙනිකා එන්නත නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනිකා සිංගප්පූරු සමාගම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වෙත යොමු කර ඇති මෙම ලිපියේ සඳහන් වන්නේ එහි සඳහන් කරන සමාගම් හැරුණු විට ඇස්ට්‍රාසෙනිකා සමාගමේ කිසිදු පෞද්ගලික ඒජන්තවරයෙකු නොමැති බවයි.

ශ්‍රී ලංකාව තුල ඇස්ට්‍රාසෙනිකා එන්නත අලෙවි කිරීම සඳහා අවස්ථාව ලබාගැනීමට පෞද්ගලික සමාගම් දිගින් දිගටම ලංකා රජයට ඉල්ලීම් කරන බව තමන්ට වාර්තා වී ඇති බව එම ලිපියේ සඳහන්.

කෙසේවෙතත් එම ලිපිය හරහා ඇස්ට්‍රාසෙනිකා සිංගප්පූරු සමාගම අවධාරණය කරන්නේ පවතින තත්වය යටතේ සිය සමාගම කොරෝනා වසංගතය තුරන් කිරීමේ අරමුණ පෙරදැරිව රජයන් සමඟ සම්බන්ධව කටයුතු කරන බවත් කිසිඳු පුද්ගලික අංශයක් ඊට සම්බන්ධ කර නොගෙන ඇති බවත් ය. එමෙන්ම කිසියම් පුද්ගලික අංශයක් ඇස්ට්‍රාසෙනිකා එන්නත අලෙවි කරන්නේ නම් එය ව්‍යාජ එන්නතක් වීමට විශාල ඉඩකඩක් ඇති බවත් ඔවුන් එම ලිපියෙන් අවධාරණය කර සිටිනවා.

ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා සමාගම මෙරටට එන්නත් ලබාදීමේ කාර්ය භාරය යුනිසෙෆ් සංවිධානය, කොවැක්ස් එන්නත් වැඩසටහන සහ එන්නත නිෂ්පාදනය කරන ඉන්දියාවේ සේරම් ඉන්ස්ටිටියුට් සමාගම හරහා පමණක් සිදුකරන බවයි මෙම ලිපිය හරහා අවධාරණය කරන්නේ.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...