27 C
Colombo
Thursday, May 2, 2024

චීන වැක්සීනය ලංකාව ඩොලර් 15 ට ගෙනවද්දී බංග්ලාදේශය ඩොලර් 10 ට ගෙන්වයි

- Advertisement -

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සඳහා කොවිඩ් වැක්සීනය මුදලට ආනයනය කිරීමේදී දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

පවත්නා තත්ත්වය යටතේ කොවිඩ් වසංගත තත්ත්වයට එකම විසදුම එන්නත්කරණය පමණක් බවට කල්ගතවී හෝ තේරුම්ගත් ආණ්ඩුව පසුගිය සතියේ තීරණය කර තිබුණේ එන්නත් කළ හැකි සියලුම දෙනා මේ වසර අග වන විට එන්නත් කර අවසන් කිරීමටයි.

ඒ අනුව පසුගිය මැයි 24 වනදා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක දැක්වුණේ චීනයේ නිෂ්පාදනය කෙරෙන සයිනොෆාම් එන්නත් මිලියන 14 ක් එක් මාත්‍රාවක් ඩොලර් 15 ක මිලක් යටතේ මිලදී ගැනීමට අවසර ලබාදෙන ලෙසයි.

අදාළ මිල ගණන් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා කමිටුව විසින් සාකච්ඡා කොට තීරණය කර ඇති බවත්, අඛණ්ඩ එන්නත්කරණයෙහි ඇති හදිසි අවශ්‍යතාවය සලකා එක් මාත්‍රාවක් ඩොලර් 15 ක මිලට මිලදී ගැනීමේ ගිවිසුමද සම්පූර්ණ කර ඇති බවත් එම කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබුණා.

ඒ අනුව එක් මාත්‍රාවක් ඩොලර් 15 ක මිලක් යටතේ එන්නත් මාත්‍රා මිලියන 14 ක් මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 210 ක් වැයවෙනු ඇති.

එනම් මෙරට මුදලින් ආසන්න වශයෙන් බිලියන 41.6 ක මුදලක් මේ සඳහා වැයවනවා.

මේ අතර බංග්ලාදේශයද මේ වන විට සයිනොෆාම් එන්නත් මිලියන 15 ක් මිලදී ගැනීමට සූදානම් වනවා.

ඒ අනුව බංග්ලාදේශයේ මිලදී ගැනීම් පිළිබඳ කැබිනට් කමිටුව විසින් අදාළ වැක්සින් තොගය මිලදී ගැනීම සඳහා අවසර ලබාදුන් බව The Daily Star වෙබ් අඩවිය වාර්තා කරනවා.

කැබිනට් රැස්වීමෙන් අනතුරුව බංග්ලාදේශ මුදල් අමාත්‍ය A.H.M.මුස්තාපා කමල් මහතා මාධ්‍ය අමතමින් සඳහන් කළේ සයිනොෆාම් වැක්සින් මාත්‍රා එකක් ඇමරිකානු ඩොලර් 10 බැගින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.

ඒ අනුව එකම රටේ එකම ආයතනයකින් එකම එන්නත මිලදී ගැනීමේදී රටවල් දෙකක් මිල ගණන් දෙකකට මිලදී ගැනීම පිළිබදව මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ව්‍යාජ දුරකථන ඇමතුම් ගැන PHI සංගමයෙන් දැනුම්දීමක්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බව පවසමින් ව්‍යාපාරිකයින්ට දුරකථන ඇමතුම් ලබා දී මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති...

උමා ඔය නිසා විදුලිබල මණ්ඩලයට දවසකට රු.මිලියන 80 ක ඉතිරියක්

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම නිසා දිනකට රුපියල් මිලියන 80 ක පමණ ඉතිරියක් විදුලිබල මණ්ඩලයට සිදු වන බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ...

බස් ගාස්තු ගැන අවසන් තීරණය

ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු අඩුකරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද (02) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන්...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...