27 C
Colombo
Monday, April 29, 2024

“ඔය ඉන්නේ මගේ වයිෆ් ඕයි, එයාට ජොගින් යන්න දෙනවා” – පොලිස් ලොක්කෙකුගෙන් තර්ජන

- Advertisement -

ශාරීරික ව්‍යායාම් සඳහා කොළඹ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණි කොළඹ ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට බාධා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා විනාඩි කීපයකදී වෙනත් මාර්ග බාධකයක් වෙත මාරු කර යවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

බොරැල්ල – මරදාන මාර්ගයේ ආනන්ද හන්දිය අසල මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි මරදාන පොලිසියට අනුක්ත කොස්තාපල්වරයෙකුට හදිසි මාරුවක් ලැබී තිබෙනවා.

ඒ කොළඹ ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට බාධා කළ බවට වන චෝදනාවකටයි.

ශාරීරික ව්‍යායාම් සඳහා කොළඹ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් මෙම කාන්තාව ගමන්කරමින් සිටියදී මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරයා ඇය නවතා සංචරණ නීති පනවා ඇති බැවින් එම ස්ථානය පසුකරමින් ගමන් කිරීමට නොහැකි බව පවසා තිබෙනවා.

කෙසේ වෙතත් එම ම කාන්තාව උසස් පොලිස් ප්‍රධානියකුගේ නම පවසා තමා ඔහුගේ බිරිඳ යැයි කොස්තාපල්යාවරයාට බැණවැදී එම ස්ථානය පසුකරයෑමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් නීතිය කාටත් එකයැයි කොස්තාපල්වරයා ඇයට දැනුම්දී එම ස්ථානය පසුකර නොයන ලෙසට දැනුම්දී ඇත්තේ.

එම අවස්ථාවේදී පොලිස් ප්‍රධානියාගේ බිරිඳ ජංගම දුරකථනය හරහා පොලිස් ප්‍රධානියාට ඇමතුමක් ලබාගෙන මේ බව පවසා කොස්තාපල්වරයා ට ඇසෙන සේ එහි හඬ වැඩිකර කොස්තාපල්වරයා දෙසට දිගු කර ඇසෙන්නට සලස්වා තිබෙනවා.

පොලිස් ප්‍රධානියා කොස්තාපල්වරයා අමතා “මම අහවලා කතා කරන්නේ, ඔය ඉන්නේ මගේ වයිෆ් ඕයි, එයාට ජොගින් යන්න දෙනවා” යැයි උස් හඩින් පවසා තිබූ බව වාර්තාවනවා.

ඊට පිළිතුරු ලෙස කොස්තාපල්වරයා සදහන් කර ඇත්තේ “සර්, සංචරණ නීති පනවලා නේ තියෙන්නේ එතකොට ජොගින් යන අනිත් කට්ටියට මොකද කරන්නේ? එයාලටත් යන්න දෙන්න ද ?” ලෙසයි.

“අයිසේ ජොගින් ඇඳුම පිලිවෙලට ඇඳලා තියෙනවා නං යන්න දෙනවා” ලෙස ප්‍රතිඋත්තර දුන් පොලිස් ප්‍රධානියා දුරකතනය විසන්ධ කර තිබෙනවා.

ඒ සමගම පොලිස් ප්‍රධානියාගේ බිරිඳ සුපුරුදු ලෙස ප්‍රධාන මාර්ගයට අවතීර්ණ ව ශාරීරික ව්‍යායාම් කරමින් ගමන් කර ඇති අතර මද වේලාවක දී කොස්තාපල්වරයාට දුරකථන ඇමතුමක් ලැබී ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි පුංචි බොරැල්ල පොලිස් මාර්ග බාධකය වෙත රාජකාරි සඳහා වාර්තා කරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...