33 C
Colombo
Saturday, May 4, 2024

ස්පුට්නික් පළමු මාත්‍රාව පමණක් ලබාගැනීමට කැමති බවට ජනතාවගෙන් අත්සන් ගනියි

- Advertisement -

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගැනීමට කැමැත්ත පලකිරීමේ ලිපියකට අද (31) මහනුවරදී එන්නත්කරණයට ලක්වූ ජනතාවගෙන් අත්සනක් ලබාගෙන තිබෙනවා.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්‍රා 50,000 ක ප්‍රමාණයක් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට එන්නත්කිරීමේ වැඩසටහන ඊයේ දිනයෙන් ආරම්භ වුණා.

අද දිනයේ පල්ලෙකැළේ හා මැණික්හින්න පොලිස් බලප්‍රදේශයේ එන්නත්කරණය ආරම්භ කෙරුණු අතර ඒ සඳහා මධ්‍යස්ථාන 6 ක් සූදානම් කර තිබුණා.

ඒ අනුව පල්ලෙකැලේ පොලිස් බලප්‍රදේශයේ බණ්ඩාරනායක ජාතික පාසල, කෙන්ගල්ල මහා විද්‍යාලය, මහවත්ත විද්‍යාලය සහ මැණික්හින්න පොලිස් බල ප්‍රදේශයේ දිගන රජවැල්ල දෙමළ පාසල, පිලවල මහා විද්‍යාලය, මැණික්හින්න පිරිමි විද්‍යාලය යන ස්ථානවල එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත් මෙම ස්ථානයට පැමිණි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් එන්නත්කරණයට පැමිණ සිටි ප්‍රදේශවාසීන්ගෙන් කැමැත්ත පලකිරීමේ ලිපියකට අත්සන් ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

රජයේ මුද්‍රණාලයේ මුද්‍රිත අදාල කැමැත්ත පලකිරීමේ ලිපියේ මුද්‍රාවක් තබා සටහන් කර තිබුණේ “ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව පමණක් වුවද ලබාගැනීමට මම කැමැත්ත පලකරමි” යන්නයි.

RECENT ARTICLES - SINHALA

මාවුස්සා කැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...