26 C
Colombo
Tuesday, April 30, 2024

නැව ගැන විධිමත් විමර්ශනයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් !

- Advertisement -

X-Press Pearl නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම සහ එමගින් සිදු වූ දැවැන්ත හානිය වළක්වා ගැනීමට නොහැකි වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පැවැත්වීමට අදාළ වගකිවයුතු අංශ වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ සහ ධීවර වෘත්තිකයන් කණ්ඩායමක් විසින් මේ පෙත්සම ඉදිරිපත් කර ඇත. මේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා, පරිසර ඇමැති මහින්ද අමරවීර, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනය හෙවත් නාරා ආයතනය ඇතුළු ආයතන ප්‍රමුඛ රාජ්‍ය ආයතන සහ වගකිවයුතු පුද්ගලයන් වේ.

මේ නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමත්, එහි තිබූ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට මිශ්‍ර වීමත් නිසා මුහුදට මෙන්ම වෙරළට ද බරපතළ විනාශයක් සිදුවී ඇති බව පෙත්සම්කරුවෝ පෙන්වා දී තිබේ.

RECENT ARTICLES - SINHALA

CID ලෙස පෙනී සිට කෝටියක අල්ලස් ගත් 4දෙනා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...

විදෙස් ශ්‍රමිකයන්ට ලබාදුන් වාහන ආනයන බලපත්‍ර ගැන තීරණයක්

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කිසිදු විනිවිඳභාවයක් නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාව පවසනවා. ඒ, සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...