27 C
Colombo
Monday, April 29, 2024

බිම්ස්ටෙක් සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පවත්වනවා

- Advertisement -

පස්වෙනි බිම්ස්ටෙක් (BIMSTEC) සමුළුව මෙම වසර අග භාගයේදී ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය පැතිරීම පාලනය කරන ආකාරය සහ සාමාජික රටවල සංචරණ සීමාවන් ලිහිල් වන ආකාරය අනුව එම සමුළුව පැවැත්වීමට අපේක්ෂා කරන බවය.

බහුආංශික, තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුල පිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ 24 වන සංවත්සරය වෙනුවෙන් සුභපැතුම් පණිවිඩයක් එක්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර ඇත.

බිම්ස්ටෙක් සංවිධානයේ වර්තමාන සභාපතිවරයා වශයෙන් 17 වන බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල රැස්වීම ඇතුළුව ප්‍රධාන බිම්ස්ටෙක් රැස්වීම් 8ක් ශ්‍රී ලංකාව විසින් පවත්වා ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

එම රැස්විම්වල ප්‍රතිඵලයන් ලෙස සාමාජික රටවල් සාමූහිකව බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සඳහා වූ කෙටුම්පත සම්පාදනය කිරීමටත්, බිම්ස්ටෙක් සාමාජික රටවල රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාවයට ද්වීපාර්ශවික අවබෝධතා ගිවිසුමකටත් එළඹීමට හැකි වූ බව පෙන්වාදෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ එම තීරණ පස්වෙනි බිම්ස්ටෙක් සමුළුවේදී සම්මතකර ගැනීමට අපේක්ෂා කරන බවය.

කලාපීය අභියෝග හඳුනා ගැනීමට සහ සහයෝගී සංවර්ධනයක් ළඟා කරගැනීම සඳහා පවතින බොහොමයක් අවස්ථාවන් ග්‍රහණය කරගැනීමට සාමාජික රටවල් තවදුරටත් සහයෝගීතාව වර්ධනය කරගත යුතු බවද ජනාධිපතිවරයා සිය පණිවිඩය මගින් පෙන්වාදී තිබේ.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...