32 C
Colombo
Thursday, May 2, 2024

ව්‍යාජ පුවත් පලකල බවට අත්අඩංගුවට ගත් යසිරුට ඇප ලැබුනත් බන්ධනාගාරයෙන් එවන්න බැහැ කියලා

- Advertisement -

ජනාධිපති ලේකම් කාර්යාලයේ අඩවිය ඇතුළු රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නම් පුද්ගලයාට අධිකරණයෙන් අද (09) අධිකරණය මගින් ඇප නියම කෙරුණද ඔහුව මුදා හැරීමට බන්ධනාගාරය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

අදාළ පුද්ගලයා ඊයේ (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා අමරසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබුණා.

පසුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්දික ශ්‍රී රාගල මහතා ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම තරුණයා වෙනුවෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියා.

රජිව් යසිරු කුරුවිටගේ යන අයව පරිගණක අපරාධ පනත යටතේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නද, එම පනතේ 06, 10 සහ 12 යන වගන්තිවල ඉදිරිපත් කර ඇති චෝදනාවන්ට මෙම සිදුවීමට අදාළ නොවන බව නීතිඥ තිෂ්‍ය වේරෙගොඩ මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූවා.

මෙම පුද්ගලයා රජයේ යම් තොරතුරු පද්ධතියකට අනවසරයෙක් ඇතුළු වී ඇත්ද සහ රජයේ යම් මුරපදයක් භාවිත කර යම් තොරතුරක් ලබාගෙන හෙලිදරව් කර ඇත්ද යන්න මහේස්ත්‍රාත්වරියා රහස් පොලිසියේ විමසීමක් කළ අතර එවැන්නක් හෙලිදරව්වී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියා.

එසේ නම් එවැනි ක්‍රියාවකට අනුබල දී ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා කල විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිතුරු දී නැහැ.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ වෙනත් යම් නීතියක් යටතේ චෝදනා ඉදිරිපත් කරන තුරු සැකකරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඔහු රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස නියෝග කළා.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කළ ද ඔහු මුදා හැරීමට නොහැකි බවත්, ඔහුට PCR පරීක්ෂණයක් සිදු කර එහි ප්‍රතිඵල අනුව මුදා හරින ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී ඇති බවත් බන්ධනාගාර නිලධාරීන් රජිව් යසිරු කුරුවිටගේ මහතාගේ නීතිඥවරුන්ට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව ඔහු යළි බන්ධනාගාර ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

අප කල විමසීමකදී ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් පැවසුවේ සෞඛ්‍ය අංශවලට PCR සිදුකිරීමට සහ නිරෝධායනයට යොමු කිරීමට බලයක් ඇතත් පුද්ගලයකු බන්ධනාගාරයේ තැබීමට ඔවුන්ට අයිතියක් නැති බව ද, මහේස්ත්‍රාත්වරයා ඇප ලබා දුන් පසු ඔහු මුදා නොහැර යළි බන්ධනාගාරයට රැගෙන යෑම නීති විරෝධී රඳවා තබා ගැනීමක් බවයි.

RECENT ARTICLES - SINHALA

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක්

ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය...

තේ වතු කම්කරුවන්,තේ වතු හිමියන් කරන්න මට ඉඩ දෙන්න-සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01) තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේදි පැවති ජාතික කම්කරු සංගමයේ සහ ජාතික කම්කරු පෙරමුණේ මැයි දින රැලියට එක්වුණා. එහිදි විපක්ෂ...

හපුතලේ-බෙරගල මාර්ගයේ ගමනාගමනයට බාධා

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතරදී අද (01) දින දෙවන වරටත්  ගල් පර්වත කිහිපයක් පෙරළී මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී තිබෙනවා. බදුල්ල ආපදා කළමනාකරණ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...