27.9 C
Colombo
Sunday, April 28, 2024

කුමන්ත්‍රණයක් කරනවා නම් කරන්න ඉන්නේ මම තමයි – හරීන් ප්‍රනාන්දු (VIDEO)

- Advertisement -

පක්ෂය තුල අර්බුදකාරී තත්වයක් ඇත්දැයි තමන් නොදන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (09) දින කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තමා මාස කිහිපයක් විවේකීව සිටි බැවින් එවැනි තත්වයක් පිළිබඳව නොදන්නා බවත් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයේ වෙනසක් සිදුවී නොමැති පරිසරයක ඔහුගේ නායකත්වය නැවත තහවුරු කිරීම ඉතාමත් අනුවණ කාරණාවක් බවත්, ඒ හරහා අනවශ්‍ය පුවත් මැවීමක් සිදුවිය හැකි බවත් හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙනවා.

පක්ෂය තුල කුමණ්ත්‍රණයක් නොමැති බවත් කුමණ්ත්‍රණයක් කරන්නේ නම් එසේ කරන්නේ තමන් බවත් ඔහු පවසා සිටියා

එමෙන්ම, කොවිඩ් සඳහා එන්නත්කරණයට අමතරව වෙනත් විකල්ප නොමැති බැවින් සියළු දෙනාටම එන්නත් ලබා ගන්නා ලෙස ඒ මහතා සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...