27.9 C
Colombo
Sunday, April 28, 2024

ඉවත ලන ප්ලාස්ටික් බෝතලයක් නැවත දුන්නොත් රුපියල් 10ක්

- Advertisement -

මි.ලී. 750 ප්ලාස්ටික් බෝතල් පරිසරයට එක් වීම වැළැක්වීමට විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පරිසර අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ, විකල්ප ඇසුරුම් සඳහා වැයවන පිරිවැය සහ කල් පැවැත්ම පිළිබඳ ගැටලු ඇති බැවින්, ප්ලාස්ටික් බෝතල් තහනම් කිරීම ප්‍රායෝගික නොවන බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දුන් බවය.

ඒ හේතුවෙන් මි.ලී. 750 ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා එම බෝතල් මිල දී ගන්නා විට කිසියම් මුදලක් තැන්පතුවක් වශයෙන් තබා ගැනීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව අමාත්‍යවරයා පවසයි.

හිස් බෝතලය නැවත බාර දී අදාළ තැන්පතු මුදල යළි ලබා ගත හැකි වන අතර හිස් බෝතලය ඉවතට විසි කළ ද වෙනත් අයෙකුට එවැනි බෝතල් එක්රැස් කර බාර දීම මගින් අමතර ආදායමක් උපයා ගැනීමට ද හැකියාව ඇත. ඒ අනුව, දැනට යෝජනා වී ඇති පරිදි එම තැන්පතු මුදල රුපියල් 10කි.

RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...