32 C
Colombo
Sunday, May 5, 2024

විමල් එක්ක ඉන්න බැහැ කියපු අනූෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට

- Advertisement -

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි පසුගියදා ඉල්ලා අස්වූ අනූෂ පැල්පිට මහතාව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

අනූෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඉවත්වූ පසුව එම තනතුර සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත්කෙරුණා.

අනූෂ පැල්පිට මහතා ඉවත්වීමත් සමඟ ඉරිදා දිවයින පුවත්පත වාර්තා කළේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හට මූල්‍ය විනයක් නොමැති බවත් ඔහු ලබාදෙන නීතිවිරෝධී නියෝග පිළිපැදීමට නොහැකි බවත් සඳහන් කරමින් පැල්පිට මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබූ බවයි.

මීට පෙර රාජ්‍ය ආයතන ගණනාවක මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යයක්ෂ ධුරයේ ද අනූෂ පැල්පිට මහතා වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කෙරුණා.

කෙසේ වෙතත් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ සම්බුද්ධ ජයන්තිය සැමරීම වෙනුවෙන් දිවයිනේ වෙහෙර විහාරස්ථාන දහසක් කේන්ද්‍රකොට ගෙන පැවැත්වූ සීල සමාදාන ව්‍යාපාරයට සහභාගි වූ උවසු උවැසියන් හා පාසල් සිසුන් එක්ලක්‍ෂ පනස්හ දහසකට සිල් රෙදි බෙදා දීම සඳහා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් රුපියල් මිලියන හය සියයක් වැය කිරීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත අනූෂ පැල්පිට මහතා සිරගත කර සිටියා.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...