32 C
Colombo
Wednesday, May 8, 2024

පාසල් 10,000 කට ෆයිබර් ඔප්ටික් දුන්නා කියලා ජනාධිපතිවරයා කිව්වෙ බොරු (VIDEO)

- Advertisement -

පාසල් 10,000කට ෆයිබර් ඔප්ටික් අන්තර්ජාල සබඳතා ලබාදී ඇති බවට ජනපතිවරයා ප්‍රකාශ කරනු ලබන්නේ කුමන දත්ත මතදැයි ලංකා ගුරු සංගමය විමසා සිටිනවා.

පෙරේදා (27) දින මාධ්‍ය අමතමින් එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක සමස්ත පාසල් සංඛ්‍යාව වන්නේද පාසල් 10,165ක් පමණක් බවයි.

ජනපතිවරයා ජාතිය අමතමින් දිවා කාලයේ කළ ප්‍රකාශය රාත්‍රියේ විකාශය වන තුරු එය නිවැරදි කිරීමට නිලධාරීන්ට ඉඩ තිබූ නමුත් එසේ සිදුකර නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අධ්‍යාපාන අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛන වලට අනුව පාසල් 2,000කට අධික ප්‍රමාණයකට කිසිඳු ආකාරයක හෝ දුරකථන සංඥාවක් නොමැති බවත් එම නාම ලේඛනය අධ්‍යාපන අමාත්‍යංශයේ තිබියදී පාසල් 10,000කට ෆයිබර් ඔප්ටික්ස් අන්තර්ජාල සබඳතා ලබාදුන් බවට සිදු කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවත් ජෝසප් ස්ටාලින් මහතා අවධාරණය කර සිටිනවා.

දරුවන් අධ්‍යාපනය සම්බන්ධයෙන් දැඩි පීඩාවකට ලක්ව සිටියදී අධ්‍යාපන බලධාරීන් දිගින් දිගටම වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම බරපතල කරුණක් බවයි ඒ මහතා පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

යුක්‍රේන යුද්ධයට ලාංකිකයින් යැවීමේ ජාවාරම නවතන්න මෙහෙයුමක්

රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා භටයන් යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය...

Breaking: ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන දුන් තීරණය

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත්...

නාන තටාකයකට වැටී හෝටල් සේවකයෙක් මරුට

රඹුක්කන පොලිස් වසමේ කඩිගමුව, ලබුගොල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක සේවකයෙකු එහි නාන තටාකයට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ  මියගොස් ඇත්තේ 37 හැවිරිදි පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය පවසන්නේ,...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...