33 C
Colombo
Saturday, May 4, 2024

එක්සත් ජාතීන් හොංකොංහි නිරීක්ෂණ අවස්ථාවක් ඉල්ලයි

- Advertisement -

හොංකොංහි ජාතික ආරක්ෂක නීති හරහා සිදුවන බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් ලබාදෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් විශේෂඥයන් විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂ නියෝජිත ක්ලෙමන්ට් වෝල් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ හොංකොංහි තත්ත්වය පිළිබද ජීනිවාහි අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සල කාර්යාලයේ පැවති අවශේෂ රැස්වීමකදීය.

කෙසේවෙතත් ඊට එක්වූ චීන නියෝජිතයා සදහන් කර ඇත්තේ ඊට ඉඩදිය නොහැකි බවත් එම ඉල්ලීමම චීනයේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමක් බවත්ය.

හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදය දරුණු ලෙස පිරිහී ඇති බවත් එය මේ වනවිට පොලිස් රාජ්‍යයක් බවට පත්ව ඇති බවත් මෙම රැස්වීම්ට එක්වූ හොංකොං මානව හිමිකම් නියෝජිතයන් ප්‍රකාශ කර තිබේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ පසුගියදා ප්‍රකාශ කර තිබුණේ චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තය ආශ්‍රිතව සිදුවන බව කියන මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සදහා එහි යෑමට කටයුතු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

මෙරට සමස්ත ජනගහනය පහළට

ශ්‍රී ලංකාවේ ජනගහනය 144,000කින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය...

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ කාලයේ මහජන පැමිණිලි විමර්ශන 43%කින් පහළට

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් කොමිසම පැවැති කාලසීමාවේ දී මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය 70%...

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...