32 C
Colombo
Thursday, May 2, 2024

මගේ මුකුත් ගලවලා නෑ – මහින්දානන්ද

- Advertisement -

තමන්ගෙන් කිසිඳු විෂයක් ඉවත් කර නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඒ, පසුගියදා සිදු කළ අමාත්‍යාංශ විෂය පථ සංශෝධනය පිළිබදව මාධ්‍යවේදීන් විසින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ඊයේ (11) දින ප්‍රශ්න කර සිටි අවස්ථාවේදීයි.

ප්‍රශ්නය – ඔබතුමා විශාල කාර්යභාර්යක් කළා කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් දැන් පෙරේදා වෙනකොට කාබනික විෂය ඔබතුමාගෙන් ගලවනවා. ඒ ඇයි?

මහින්දානන්ද අලුත්ගමගේ : “කිසිම ගැලවීමක් කරලා නැහැ. ඔබතුමා නොදැනුවත්ව කතා කරන්නේ. අමාත්‍යාංශයේ විෂය භාර අමාත්‍යවරයා මම. කලිනුත් කාබනික පොහොර සඳහා වෙනම අමාත්‍යවරයෙක් හිටියා. ඒ කාබනික පොහොර කියන විෂය ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇමතිතුමාට දීලා, මොහොන් ද සිල්වා මැතිතුමාට වෙන එකක් ලැබුණා.

ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇමතිතුමාගේ තියෙන අමාත්‍යාංශ 04ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට නැවතත් ලැබුණා. ඒ අනුව අමාත්‍යාංශය තුළ ප්‍රතිව්‍යුහගත කිරීමක් කළේ. ඒ අනුව මගේ අමාත්‍යාංශය යටතේ තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය තියෙන්නේ. කිසිදු ගැලවීමක් නැහැ.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – කරඳගොල්ල නායයෑම් අවදානම පාලනයට පියවර

ඇල්ල, කරඳගොල්ල නායයෑමේ අවදානම කෙටි කාලයක් තුළ පාලනය කළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධ‍න මහතා පැවසුවා. ඔහු මේ බව...

විරෝධතාවයක් නිසා ලෝටස් පාර අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය...

අපේ මුහුදේ හොරෙන් මාලු අල්ලන්න ආපු ඉන්දීය ධීවරයින්ට ප්‍රහාරයක්

උතුරු මුහුදේ අනවසරයෙන් මසුන් මැරීමට ධීවර යාත්‍රාවකින් පැමිණෙමින් සිටි ඉන්දියාවේ නාගපටිනම්ප් ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට ඊයේ (01) රාත්‍රීයේ මුහුදු කොල්ලකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවට...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...