26 C
Colombo
Wednesday, May 1, 2024

ජනතාව බියවද්දමින් නිරෝධායන පනත අවභාවිත කරන්න එපා – GMOA

- Advertisement -

නිරෝධායන පනත යොදා ගනිමින් විරෝධතාකරුවන් පාලනය කිරීමට ක්‍රියාමාර්ග ගැනිම සම්බන්ධයෙන් තම සංගමය දැඩි ලෙස අප්‍රසාදය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිරෝධායන පනතේ බලතල පොලීසිය ඇතුළු ආයතනයන් ට ලබාදී ඇත්තේ එය ඒකාකාරීව ක්‍රියාත්මක කිරීමට මිස එක් එක් පුද්ගලයන්ට වෙනස්ව සැලකීමට නොවන බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී ඇති නිරෝධායන පනතේ බලපත පොලීසිය ඇතුළු පුද්ගලයින් අවභාවිත කරන්නේ නම් රට තුළ කිසිවිටෙකත් එක් රටක් යන සංකල්පය ක්‍රියාත්මක නොවන බවද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මෙහිදී සදහන් කළා.

ප්‍රභූ පුද්ගලයන්ගේ අවමගුල් උත්සව වලදී, එක් එක් පුද්ගලයන්ගේ ජය සැමරුම් උත්සවවලදී නීතිය ක්‍රියාත්මක වූ ආකාරයත් කොතලාවල පනතට විරෝධතාවය දක්වන විට විරෝධතාකරුවන්ව බියවැද්දීම සඳහා නිරෝධායන පනත යොදාගත් ආකාරයත් දෙආකාර බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

CID ලෙස පෙනී සිට කෝටියක අල්ලස් ගත් 4දෙනා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...

විදෙස් ශ්‍රමිකයන්ට ලබාදුන් වාහන ආනයන බලපත්‍ර ගැන තීරණයක්

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කිසිදු විනිවිඳභාවයක් නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාව පවසනවා. ඒ, සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...