32 C
Colombo
Thursday, May 2, 2024

ලෝකයේ පිළිගත් හොදම එන්නත් භාවිතා කරන රට අපේ රටයි – නාමල්

- Advertisement -

ලෝකයේ තිබෙන හොදම කොරෝනා එන්නත් වර්ග භාවිතා කරමින් ඉතා කඩිනමින් එන්නත්කරනය කරන රට බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් තිබෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ඊයේ (17) ඇල්ල ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට කොවීඩ් 19 එන්නත ලබාදීමේ කටයුතු නිරීක්ෂණයෙන් අනතුරුව දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ,

“විශේෂයෙන්ම ජනාධිපති වරයාගේ උපදෙස් පරිදි සෑම දිස්ත්‍රික්කයකම එන්නත් කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. දකුණු ආසියාවේ වේගයෙන්ම එන්නත්කරණය කළ රට බවට ශ්‍රී ලංකාව අද පරිවර්තනය වෙලා තිබෙනවා. අනික් පැත්තෙන් ලෝකයේ දැනට පිළිගත් හොදම එන්නත් වර්ග භාවිතා කරන රට බවට අපේ රට පරිවර්තනය වෙලා තිබෙනවා. මෙම එන්නත් ඉතා ඉක්මනින් එන්නත්කරණය කිරීමට යොදා ගන්නා රට බවටත් ශ්‍රී ලංකාව පත් වෙලා තිබෙනවා.

ඒ අනුව මේ වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය පාලනය කරනවා වගේම නැවත වතාවක් ජන ජීවිතය ආර්ථිකය දරුවන්ගේ අධ්‍යාපනය සමාජ ජීවිතය සාමාන්‍යකරණය කිරීම සදහා රජය පැත්තෙන් ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා.”

RECENT ARTICLES - SINHALA

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

ඇල්ල – කරඳගොල්ල නායයෑම් අවදානම පාලනයට පියවර

ඇල්ල, කරඳගොල්ල නායයෑමේ අවදානම කෙටි කාලයක් තුළ පාලනය කළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධ‍න මහතා පැවසුවා. ඔහු මේ බව...

විරෝධතාවයක් නිසා ලෝටස් පාර අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...