32 C
Colombo
Monday, May 6, 2024

රිෂාඩ්ගේ නිවසේ මියගිය දැරිය දූෂණය වී ඇති බව තහවුරු වේ

- Advertisement -

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්ගේ නිවසේදී පිලිස්සීමට ලක්ව පසුව කොළඹ ජාතික රෝහලේදී මියගිය අවරුදු 16ක දැරිය සම්බන්ධයෙන් ලිංගික ප්‍රවේශයක් සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙලෙස ඇය ඇය කාලයක් පුරාවට අපයෝජනයට ලක්ව ඇති බව මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

මියගිය දැරිය හැටන් ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර බදියුදීන්ගේ නිවසේ සේවයට පැමිණෙන විට ඇයගේ වයස අවුරුදු 15 මාස 11 ක් බවයි පැවසෙන්නේ.

ඇයගේ භූමිතෙල් වත්කර ගිනි තැබීමක් සිදුව ඇති නමුත් මරණයට හේතුව කුමක්ද යන්න මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී නොමැති බවයි පැවසෙන්නේ.

මේ පිළිබඳව බොරැල්ල පොලීසිය හා කොළඹ දකුණු ළමා හා කාන්තා කාර්යාංශය තවදුරටත් පරීක්ෂණ පවත්වන බවත් දැරියගේ මව හා අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්ගේ බිරිඳගේ පියාගෙන් මේ පිළිබඳව වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් අජිත් රෝහණ මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

වීසා ගාස්තුවල වෙනසක් නෑ

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර...

හොරණ වෙඩි ප්‍රහාරයේ ගිනි අවියත් සොයා ගෙන

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩිතැබීම සැලසුම් කල ප්‍රධාන සැකකරු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසීනයක් සහ මිමි 7.62 x39 වර්ගයේ...

අත්අඩංගුවට ගත් රැකියා විරහිත උපාධිධාරීන්ට ඇප

අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...