27.9 C
Colombo
Sunday, April 28, 2024

තෙල් මිල වැඩි කළේ පරිභෝජනය අඩු කරන්න – සලාක ක්‍රමයකටත් ගියොත් හොඳයි

- Advertisement -

තෙල් මිල වැඩිකිරීම යනු ඉන්ධන අධි පරිභෝජනය වළක්වන එක් උපායමාර්ගයක් බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පවසනවා.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ පෙරේදා (20) පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග විවාදය අමතමින්,

තෙල් මිල ඉහළ දැමීම ඉන්ධන භාවිතා කරන ප්‍රමාණය අඩුකිරීම සඳහා යොදා ගන්නා එක වෙළඳපල උපක්‍රමයක් බවත් ‘සලාක ක්‍රමය’ යනු ඒ සඳහා යොදාගත හැකි තවත් උපක්‍රමයක් බවත් අමාත්‍යවරයා පවසනවා.

තෙල් භාවිතා කරන ප්‍රමාණය සීමා කරමින් සලාක ක්‍රමයකට තෙල් නිකුත් කිරීම හරහා සුඛෝපභෝගී වාහ සහිත ධනවත් පිරිසගේ ඉන්ධන භාවිතය සීමා වන බවත් ඒ හරහා සාමාන්‍ය වාහන හිමියන්ට සිදුවන අසාධාරණය වැළකෙන බවත් ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම මිල වැඩිවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන්ම විවිධ මාත පළවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහත ප්‍රකාශ කළේ විවිධ දැක්මන් සහිත පාර්ශව සංධානගත වීමේදී විවිධ අදහස් මතුවීම සාමාන්‍ය ස්වාභාවය බවයි. කෙසේ නමුත් රජයක් ලෙස තනි මතයක සිට කටයුතු කිරීමට සියළු දෙනාගේ සහය ලැබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මෙවැනි පිළිතුරු දුන් පළමු අවස්ථාව මෙය නොවන අතර ජලකප්පාදුව සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවකදී මෙම අමාත්‍යවරයාම ප්‍රකාශ කර සිටියේ ජනතාව පැළ වලට වතුර දමන නිසා ජලය ජලය කප්පාදු කිරීමට සිදුවන බවත් ධනව්තුන්ගේ ජල පාරිභෝජනය සීම කළ යුතු බවත් ය.

04.18.00

RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...