32 C
Colombo
Thursday, May 2, 2024

ඇෆ්ගනිස්තානයේ නාගරික ප්‍රදේශ පිළිබද අනතුරු ඇඟවීමක්

- Advertisement -

ඉදිරි දින කිහිපය තුළ ඇෆ්ගනිස්තානයේ නාගරික ප්‍රදේශවල දරුණු ගැටුම් ඇතිවීමේ අවදානමක් ඇතැයි එරට සිටින ඇමරිකානු හමුදාවේ ප්‍රධානී ජනරාල් කෙනෙත් මැකන්සි පවසයි.

ඔහු සදහන් කරන්නේ මේ දිනවල පවතින ඉස්ලාම් නිවාඩු සමය අවසන්වත්ම මේ වනවිට බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල බලය තහවුරු කරගෙන සිටින තලේබාන් සාමාජිකයන් නාගරික ප්‍රදේශවලට සිය සටන් ව්‍යාප්ත කරනු ඇති බවයි.

මේ අතර ඇෆ්ගනිස්තාන හමුදාවට සහය පිණිස ගුවන් ප්‍රහාර එල්ල කිරීමට තීරණය කර ඇති බව ද ඔහු අනාවරණය කර ඇත.

දැනටමත් එවැනි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව සදහන් කළ ඔහු වැඩිදුරටත් කියාසිටියේ ඉදිරි දිනවල ද තලේබාන් ඉලක්ක වෙත ඇමරිකානු ගුවන් ප්‍රහාර එල්ල කරන බවයි.

කෙසේවෙතත් සැප්තැම්බර් මාසයේ ඇමරිකානු හමුදා සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්තානයෙන් ඉවත්ව යාමෙන් පසුවද ඇෆ්ගනිස්තාන හමුදා වෙත අඛණ්ඩව ගුවන් ප්‍රහාරවල සහය ලබාදෙන්නේදැයි මාධ්‍ය විමසූ පැනයකට ජෙනරාල් මැකන්සි පිලිතුරු නොදුන් බවද විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරු

ජනාධිපතිවරයා විසින් පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් පත් කර තිබෙනවා. ඒ අනුව, දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් , වයඹ පළාත් ආණ්ඩුකාරවරයා...

විජේදාස ආවේ ඇමතිකම බල්ලට දාලා -මෛත්‍රී

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණු බව ජනාධිපති මෛත්‍රීපාල ⁣සිරිසේන මහතා පවසනවා . 'රට රකින ජන...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...