පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මියගිය ඉෂාලිනී හට ඉංග්‍රිසි භාෂාව ලිවිමට හැකියාවක් නොමැති බව ඇයගේ සහෝදරයා වන තිරුප්‍රසාද් පවසනවා.
හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ගේ නිවසේදී පිළිස්සීමට ලක්ව පසුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ ඉෂාලිනී ජූඩ් නම් 16 හැවැරිදි දැරිය රැඳි සිටි කාමරය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂා කිරීමේදී “එන් සාවුක්කු කාරනම්” හෙවත් මගේ මරණයට හේතුව ලෙස ඉංග්‍රීසි අක්ෂරයෙන් දෙමළ වැකියක් එම කාමරයේ තිබූ බිත්තියක සඳහන් කර ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.
මෙම වැකිය සහිත බිත්තියේ ඡායාරූපයක් ලබාගෙන ඇති අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත් අකුරු පිළිබඳ විශේෂඥයින් මෙම අකුරු ඉෂාලිනී දැරියගේමදැයි යන්න සෙවීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉෂාලිනීගේ සොයුරා පවසන්නේ අවිස්සාවේල්ල පුවක්පිටිය දමිල මහා විද්‍යාලයේ 07 වසර දක්වා පමණක් අධ්‍යාපනය ලැබු සිය සොයුරියට ඉංග්‍රිසි අකුරු ගලපා යමක් ලිවිමට හැකියාවක් නොතිබූ බවයි.