32 C
Colombo
Monday, May 6, 2024

කොරෝනා ආසාදිත මහින්දානන්ද ඊයේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙලා

- Advertisement -

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද (03) දින තහවුරු විය.

අද සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදී ඔහු මෙලෙස ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන ඇති අතර හෙට දිනයේ PCR පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර, අමාත්‍යවරයා ඊයේ දින හිරු රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට සහභාගී විය.

මීට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ද සහභාගී වූ අතර චමුදිත සමරවික්‍රම ඇතුළු නිවේදකයන් තිදෙනෙක්ද සහභාගීව සිටි අතර ඔවුන් කිසිවෙකු සෞඛ්‍ය රෙගුලාසි පිළිපදිමින් මුඛාවරණ පැළඳ සිටින අයුරු දැක ගැනීමට හැකිවූයේ නෑ.

අදාල මාධ්‍ය ආයතනය සෞඛ්‍ය රෙගුලාසි කඩකිරීම සම්බන්ධයෙන් වරින්වර සමාජ දෝෂදර්ශනයට ලක්ව ඇති අතර වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස ඔවුන් සමාජයට ආදර්ශමත් විය යුතු යැයි අපි සිතන අතර වැඩසටහනට සහභාගී වූ පළමුපෙළ ආශ්‍රිතයින් නිරෝධායනය වී සමාජ වගකීම ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරමු.




RECENT ARTICLES - SINHALA

බිත්තර ආනයනය ගැන තීරණයක්

දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්...

හොරණ වෙඩිතැබීමේ සිද්ධියට අදාළ යතුරුපැදිය හමුවෙයි

හොරණ - ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය හල්කොළ පාර හොරණ ප්‍රදේශයේ පාලු ස්ථානයක අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව...

වීසා ගාස්තු වැඩි වීම නිසා අවාසි රැසක්

ශ්‍රී ලංකාව සංචාරක වීසා සඳහා අයකරන ගාස්තුව ඉහළ යෑම නිසා ඉදිරියේදී මෙරට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩු වීමේ අවදානමක් ඇති බව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...