25 C
Colombo
Tuesday, April 30, 2024

එන්නත එපා කියූ සජිත් වෛද්‍යවරුන්ගේ බලකිරීම මත එන්නත අරන්

- Advertisement -

වෛද්‍යවරුන්ගේ තරයේ අවවාදය අනුව අද දිනයේදී තමන් කොවිඩ් 19 එන්නත ලබාගත් බව සමගි ජනබලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා පවසන්නේ කොවිඩ් එන්නත ලබාගැනීමට අපොහොසත් වුවහොත් නැවත එම රෝගය වැලඳිය හැකි අතර එය මාරාන්තික වියහැකි බවට තමාට කොවිඩ් ආසාදිතව සිටියදී ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් තමාට තරයේ අවවාද කළ බවයි.

මීට මාස පහකට පමණ පෙර මන්ත්‍රීවරුන් සඳහා කොවිඩ් එන්නත් නිකුත් කළ අවස්ථාවේදී ඒ මහතා එන්නත ලබා නොගත්තේ සාමාන්‍ය ජනතාවට කොවිඩ් එන්නත් ලබාදීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදීම සම්බන්න්දයෙන් විරෝධතාවය පලකරමින් ය.

මෙරට සියලු ජනතාවට එන්නත ලබා දෙන තුරු තමන් එන්නත ලබා නොගන්නා බවට ඔහු ප්‍රකාශ කළ නමුත් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත එන්නත ලබා ගැනීමට යොමුවූ බවයි සිය ට්විටර් පණිවිඩය හරහා ඔහු පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව වැඩ පටන් අරන්.විපක්ෂයේ හතකට මත්පැන් බලපත්‍ර

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනව බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මෙසේ...

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...