25 C
Colombo
Tuesday, April 30, 2024

අපිට සල්ලි හොයන්න IMF ඕනෙ නෑ – කබ්රාල්

- Advertisement -

වර්තමානයේ රජය මුහුණ දී ඇති විදේශ ණය ගෙවීම ඇතුළු විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් ඇතැම් අය දෙන ඒකම උපදෙස ජාත්‍යන්ත්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යාම පමණක් බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඒ, ඊයේ (03) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්

කෙසේ නමුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යනවාට අමතරව විකල්ප තමන් සතු බවත් මේ වන විට ඒවා ක්‍රියාවට නංවා ඇති බවත් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා මෙහිදී අවධාරණය කර සිටින අතර මෙම වසරේ දී සියයට 5 ක ආර්ථික වර්ධන වේගයක් ලඟා කර ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු පවසනවා.

“තවත් අය අපට උපදෙස් දෙනවා. උපදෙස් දෙන ඒකේ වරදක් නැහැ. සමහරක් වෙලාවට ඒ අයගේ තියෙන්නේ ඒකම ඒක උපදෙසයි. ‘යන්න IMF ලඟට’. ඒක තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ IMF ඒකට යන ඒක විතරක් නෙමෙයි කියලා තියෙන විකල්පය. තව විකල්ප තියෙනවා. IMF ඒකට යන්නේ සමහරක් වෙලාවට වෙන විකල්පයක් නැති කොට. මෙතන විකල්ප තියෙනවා, අපි ඒ විකල්ප දැන් දිනපතාම ඒවා ක්‍රියාත්මක කරවනවා. ක්‍රියාත්මක කිරීම තුළින් අපේ ආර්ථිකය තවදුරටත් වර්ධනය වෙන බව අපි දන්නවා. ආර්ථික වර්ධන වේගය මේ අවුරුද්දේ දී අපි හිතන්නේ සියයට 5 ක පමණ වර්ධන වේගයක් ඇති කර ගන්න අපට පුළුවන් වෙනවා. ඒන අවුරුද්දේ ඊටත් වඩා වර්ධන වේගයක් ඇති කර ගන් අපට පුළුවන් වෙනවා. ඒ නිසා කිසිම කෙනෙක් බයක් සැකක් තබා ගන්න අවශ්‍ය නැහැ මේ රටේ අර්බුදයක් ඇතිවෙයි කියලා.”

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව වැඩ පටන් අරන්.විපක්ෂයේ හතකට මත්පැන් බලපත්‍ර

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනව බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මෙසේ...

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...