25 C
Colombo
Tuesday, April 30, 2024

ඇඳිරි නීතිය; අවශ්‍ය නම් පමණයි – කෙහෙළිය

- Advertisement -

දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවක් උදාවු​ව හොත් පමණක් බව ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් සම ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඇඳිරි නීතිය පැනවීම අවසාන විකල්පය ලෙස සලකන බවයි ඔහු පවසන්නේ.

අමාත්‍යවරයා එසේ පැවසුවද, මෙම සතිදෙක වඩාත් තීරණාත්මක බැවින් පුද්ගල සංචරණය පාලනය කිරීම සඳහා බලධාරීන් සුදුසු පියවරක් ගතයුතු බවයි මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසන්නේ.

අද (12) දින රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ විවාහ මංගල උත්සව, අවමංගල උත්සව, කාය වර්ධන මධ්‍යස්ථාන වලට ඉඩ නොදිය යුතු බවයි. වෛරසය බෝ වීමේ ඉහළ ඉඩකඩක් මෙවැනි ස්ථාන වල තිබිය හැකි බැවින් එම ස්ථාන සහ ක්‍රියාකාරකම් වහාම අවලංගු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“මේ සති දෙක පාරට බහින්නේ නැතුව රජය සහ අදාළ පාර්ශ්වයන් එකතු වෙලා අඩුම ගානේ මේ සති දෙක මේක ගොඩ දාන්න අවස්ථාවක් කරගන්න ඕනේ. දැන් තියෙන තත්ත්වය අනුව දිස්ත්‍රික්ක හැර අනෙක් හැමෝම සංචරණය කරලා තියෙන්නේ. දිස්ත්‍රික්ක ගිහින් නෑ..මිනිස්සු ගිහින්.” යැයි වත්මන් තත්වය පැහැදිළි කරමින් ඔහු පවසන ලදි.

RECENT ARTICLES - SINHALA

මැයි දිනයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

මැයි දිනය වෙනුවෙන් අද (30) සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන්...

ආණ්ඩුව වැඩ පටන් අරන්.විපක්ෂයේ හතකට මත්පැන් බලපත්‍ර

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනව බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මෙසේ...

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...