28 C
Colombo
Sunday, May 5, 2024

සමලිංගිකත්වය යනු මනෝ ව්‍යාධියක් නොවේ..! – ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය

- Advertisement -

සමලිංගිකත්වය යනු මනෝ ව්‍යාධියක් හේතුවෙන් ඇතිවන්නක් නොවන බව ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය (Sri Lanka College of Psychiatrists – SLCP) පවසනවා.

තමා මනෝ උපදේශිකාවක් යැයි හඳුන්වා ගන්නා තැනැත්තියක් විසින් මහනුවර පොලිස් ශ්‍රවණාගාර‍යේදී පැවැත්වූ පුහුණු වැඩමුළුවකදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට පිළිතුරු දෙමින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය පවසන්නේ නූතන වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීම අනුව ලිංගික අනන්‍යතාවයේ විවිධත්වයක් පැවතීම රෝගයක් ලෙස නොසලකන බවයි. එමෙන්ම, මෙම මිත්‍යා මතයට කිසිඳු විද්‍යාත්මක පදනමක් නොමැති බවද ඔවුන් පෙන්වා දෙනවා.

එම මනෝ උපදේශිකාවක් යැයි හඳුන්වා ගන්නා තැනැත්තිය විසින් එම පුහුණු සැසිය අමතමින් ප්‍රකාශ කර සිටියේ සමලිංගිකත්වය යනු මානසික රෝගයක් බවයි. එමෙන්ම, තමන්ගේ දරුවන් සමලිංගිකයෙකුට “ගොදුරු” වනවාට කැමතිදැයි ඇය පොලිස් නිලධාරීන්ගෙන් විමසා සිටියා.

ඇයගේ මෙම ප්‍රකාශය මෙරට මෙන්ම ජාත්‍යන්තර අවධානයටද ලක්වූ අතර මේ හේතුවෙන් මෙරට පොලිසියට හිමිවන ස්කොට්ලන්ත පුහුණුවද කල් දැමීමට ස්කොට්ලන්තය තීරණය කර තිබුණා.

කෙසේ වෙතත්, වත්මන් වෛද්‍ය පිළිගැනීම් සහ ජීවන චර්‍යාත්මක තෝරා ගැණීම් වලට අනුව සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්නභාවී (LGBTIQ) ප්‍රජාවන් ට වෙනස්කොට සැලකීම් සිදුනොකළ යුතු බවත් සමලිංගික හැසිරීම් සාපරාදීකරණය කරන දණ්ඩ නීතිසංග්‍රහයේ 365 වැනි වගන්තීන් ඉවත් කළ යුතු බවත් ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය අවධාරණය කර සිටිනවා.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...